රන් ආකරයක් නිසා පැපුවා නිව්ගිනියාවේ ගෝත්‍රිකයින් අතර දරුණු ගැටුම්

පැපුවා නිව්ගිනියාවේ මතභේදයට තුඩු දී ඇති පෝර්ගේරා රන් ආකරයක් සම්බන්ධයෙන් ගෝත්‍රික කණ්ඩායම් දෙකක් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එරට පොලිස් කොමසාරිස් ඩේවිඩ් මැනිං පවසන්නේ ගෝත්‍රික කණ්ඩායම් අතර ඇතිවන සටන් නැවැත්වීමට ආරක්ෂක හමුදාවන්ට හදිසි බලතල ලබා දී ඇති බවයි.

සාකර් වංශයේ සාමාජිකයන් ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන පියන්ඩේට අයත් ඉඩමක අගෝස්තු මාසයේදී පදිංචි වූ දා සිට රටේ මධ්‍යම කඳුකරයේ මෙම දෙපිරිස අතර ගැටුම් ඇති වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගෝත්‍රිකයන් අතර පැවති සාම සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු ඉරිදා දිනයේ පමණක් ගෝත්‍රිකයන් විසින් වෙඩි 300කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බව එරට පොලිසිය පවසනවා.

මතභේදයට තුඩු දී ඇති පෝර්ගේරා රන් ආකරය වරක් පැපුවා නිව්ගිනියාවේ වාර්ෂික අපනයන ආදායමෙන් සියයට 10ක් පමණ වූ නමුත්, ගෝත්‍රික ප්‍රචණ්ඩත්වය සහ රජය අත්පත් කර ගැනීමේ හේතුවෙන් මෑත වසරවල එහි ආදායම සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා.

ප්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය දා පැපුවා නිව්ගිනියාවේ සිදුකළ සංචාරයක දී ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස ගෝත්‍රික කණ්ඩායම්වලින් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?