AFC Banner
AFC Banner
Empty Ad

රන්ජන්ට නිදහස? ඉල්ලීම ජනපතිගේ ‘වේටින් ලිස්ට්’ එකේ

උසාවියට අපහාස කිරීම සම්බන්ධව වැරදිකරු වී සිරදඬුවම් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා වෙත සමාව ලබාදෙන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගිය මස 31 වැනිදා ලිඛිත ඉල්ලීමක් (ජනාධිපති කාර්යාලය වෙත) යවා ඇත.

එය පසුගිය 01 වැනිදා ලැබුණු බවත්, ඒ පිළිබඳව තවම කිසිදු ප‍්‍රතිචාරයක් ලබාදීමට කාලයක් නොලැබුණු බවත් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. එම ඉල්ලීම පිළිබඳව වැඩිදුරටත් කටයුතු කරන්නේ කෙසේදැයි විමසූ විට, දිනයක් දෙකක් වැනි කෙටි කලක් මෙම ඉල්ලීම සිදු කර ගතවී ඇති හෙයින් ඒ පිළිබඳව මෙතෙක් කිසිවක් කිව නොහැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මනෝජ් අබයදීර

————————-

සමාව දෙන්න ජනපතිට පුළුවන්… ජනාධිපති නීතිඥ කේ. සුමන්තිරන්

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34-1 (අ) යටතේ නීතීන්ට අනුකූලව කොන්දේසි සහිතව හෝ නොමැතිව සිරකරුවකුට සමාව දීමේ බලයක් ජනාධිපතිවරයාට ඇති බව රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ නීතිඥ මඬුල්ලේ සිටි ජනාධිපති නීතිඥ කේ. සුමන්තිරන් මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ට පැවසීය.

මීට පෙර ද එවැනි නෛතික බලය ඔස්සේ ජනාධිපති සමාව දීම් සිදුව ඇති බව සුමන්තිරන් මහතා කීවේය. ඔහු රාමනායක මහතා වෙනුවෙන් එදා අධිකරණයේ කරුණු දැක්වූ නීතිඥ මඬුල්ලේ සිටි නීතිවේදියෙකි.

ඒ. ජේ. අබේනායක

————————

අධිකරණයෙන් සමාව ඉල්ලිය යුතුයි.. ලොහාන් කියයි

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කරනු ලබන්නේ ඔහු අධිකරණයෙන් සමාව ඉල්ලූ පසුව යැයි බන්ධනාගාර පුනරුත්ථාපන කළමනාකරණ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

මේ හැර ඉන් අනතුරුව ඔහු නිදහස් කරන ලෙස ඔහුගේ පවුලේ උදවිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය යුතුව ඇතැයි ද හෙතෙම කීය.

නෝමන් පලිහවඩන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?