රන්ජන්ගේ මන්ත්‍රීධුරයට අදාළව අභියාචනාධිකරණය දුන් නියෝගය

සිරදඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් පියවරක් නොගන්නා ලෙස දන්වමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත නිකුත් කර තිබෙන නියෝගය මාර්තු මස 16 වනදා දක්වා දීර්ඝ කිරීම අභියාචනාධිකරණය අද (11) නියම කර තිබේ.

රන්ජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද යළි කැඳවූ අවස්ථාවේදී අහියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබාදුන්නේය.

පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතාට පෞද්ගලික හේතුවක් මත අද දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන හෙයින් එම නඩුව සලකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා ඉල්ලීමක් කළේය.

එමෙන්ම රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් දැනට නිකුත් කර තිබෙන තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කර ලෙස ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා ඉල්ලීමක් කර තිබේ.

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අධිකරණය විසින් නිකුත් කර තිබෙන එම නියෝගය පිළිබඳව කථානායක වරයා ඊයේ (10) දින ප්‍රකාශයක් සිදුකළ බවත් කථානායකවරයා එම නියෝගය වැරදි ලෙස වටහා ගෙන තිබෙන බවත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?