රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන – තීන්දුව ලබන 31 දා

තම පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමිකිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (24)දැනුම් දී තිබෙනවා.

රන්ජන් රාමනායක මහතාට සිර දඬුවම් නියම වූ තීන්දුව ප්‍රකාශයට පත් වී අප්‍රේල් මස 8 වන දා වන විට මාස තුනක කාලයක් සම්පූර්ණ වන හෙයින් ඊට පෙර මෙම තීන්දුව ලබා දෙන ලෙසයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?