රථවාහන 47ක් එකිනෙක ගැටී දරුණු අනතුරක්

අමෙරිකාවේ මිසූරි හි අධිවේගි මාර්ගයක රථවාහන පෙළක් අනතුරට ලක්වී තිබෙනවා. මේ හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අධික මීදුම් තත්වයක් හේතුවෙන් රථවාහන 47කට ආසන්න ප්‍රමාණයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

අනතුරින් තුවාල ලැබු තවත් පිරිසක් රෝහල් ගත කර තිබෙන අතර අධිවේගී මාර්ගයේ අනතුර සිදු වූ කලාපය මේ වන විට වසා දමා සුන්බුන් ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

https://streamable.com/011scz
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?