රථවාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටි සැරයන් රිය අනතුරකින් මරුට

වැලිපැන්න පොලිස් වසමේ අලුත්ගම – මතුගම මාර්ගයේ ලබුවැල්ගොඩ හන්දිය අසල රථවාහන පරීක්ෂා කිරීමේ රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරියෙක් රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (15) රාත්‍රිය සිදු වූ මෙම රිය අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිපැන්න පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙක්.

අලුත්ගම දෙස සිට මතුගම දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් රථවාහන පරීක්ෂා කිරීමේ රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරියා විසින් නැවැත්වීමට සංඥා කිරීමේදී යතුරුපැදිය එම පොලිස් නිලධාරියාගේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ නිලධාරියා දර්ගා නගයේ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 54ක අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් නිලධාරියෙක්.

මෘත ශරීරය දර්ගා නගරය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, යතුරුපැදිකරු තුවාල ලබා නාගොඩ රෝහලේ ප්‍රථිකාර ලබනවා.

වැලිපැන්න පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
19
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරයක් වැල්ලවාය පොලිසිය වටලයි
01:15
Video thumbnail
ධනපති පන්තියට විදුලිබිල අඩුකරලා - දුප්පත් මිනිස්සුන්ට වැඩිකරලා
16:10
Video thumbnail
සංඝයා වහන්සේලා වැඩලා ආපහු වඩියි..ජනාධිපතිතුමා ජනප්‍රියයි - රට ස්ථාවරයි
02:28
Video thumbnail
වසන්ත සමරසිංහ ගෙදර යන්න - මිනිස්සු ග#ලා එළවයි
08:03
Video thumbnail
අපි පාතාලයට බයේ ඉන්නේ නෑ - අපි කුඩු අල්ලනවා
14:02
Video thumbnail
සංචාරකයින්ට වාහන ලබාදෙන හිමිකරුවන්ට දැඩි ප්‍රකාශයක්..
07:22
Video thumbnail
ෆොන්සේකාගේ ප්‍රකාශය එයාට ආන්දෝලනාත්මක වෙන්න ඇති..සෙට් එකක් එක්කම මහාධිකරණයට ආ නාමල්
05:18
Video thumbnail
කොළඹ නගරාධිපතිනිට විපක්ෂ මන්ත්‍රීවරයෙක් දෙහි කපයි
07:47
Video thumbnail
ගෑස් ප්‍රශ්නය නිසා සජිත් - වසන්ත උණුසුම් වෙයි.."ගෑස්වල හිඟයක් නැහැ - ප්‍රමාණාත්මකව ලබා දෙනවා"
06:01
Video thumbnail
ඔයාටත් රැවුල නෑ, මටත් රැවුල නෑ - මම කියන ඒවා පිළිගන්න
04:03


?