රථවාහන ගමනාගමනය සීමා කිරීම් ගැන පොලීසියෙන් දැනුම්දීමක්

අද (29) දික්වැල්ල පොලිස් වසමේ මිණි කිරුළ රජමහා විහාරස්ථානය, රත්නාවල තපෝධනාරාම විහාරස්ථානය, කෝන්දෙණිය අශෝකාරාම විහාරස්ථානයේ හා හෙට (01) දින වලස්ගල ශ්‍රී ජයවර්ධන මුවලින්දාරාම විහාරස්ථානයේ පොසොන් මහා පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

මිණි කිරුළ රජමහා විහාරයේ පෙරහර අද (29) දින දහවල් 12.00 සිට වීථි සංචාරය කිරීමට නියමිතව ඇති බව පොලිසිය පවසනවා.

පෙරහර විහාරස්ථානයෙන් ආරම්භ කර කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ තංගල්ල දෙසට ගමන් කර කෙමගොඩ හන්දියෙන් නිල්වැල්ල දෙසට ගමන් කර නිවැල්ල ධීවර වරාය පසුකර දොඩම්පහල හන්දියට පැමිණ නැවත කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයට පිවිස තංගල්ල දෙසට ගමන් කර නැවත විහාරස්ථානයට පැමිණීමට නියමිතව තිබෙනවා.

පෙරහර දොඩම්පහල හන්දියේ සිට කෙමගොඩ හන්දිය දක්වා ගමන් ගන්නා කාලසීමාව තුල කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයේ එක් කොටසක් වසා තැබීම සිදුවන බැවින් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

තංගල්ල සිට බෙලිඅත්තට පිවිස දික්වැල්ල දක්වාත්, බෙලිඅත්තෙන් අධිවේගී මාර්ගයත්, මහවෙල මාර්ගයේ පහජ්ජාව හන්දියෙන් හදපාන්ගොඩැල්ල දෙසට ගමන් කර දික්වැල්ල දෙසටත්, වලස්ගලින් දම්පල දෙසටත්, දික්වැල්ල වේහැල්ල රත්මලේ හරහා මාතර දෙසටත් ගමන් කල හැකි බව පොලිසිය පවසනවා.

රන්නාවල තපෝධනාරාම විහාරයේ පෙරහර අද (29) වන දින දහවල් 12.30 වීථි සංචාරය කිරීමට නියමිතයි.

පෙරහර විහාරස්ථානයෙන් ආරම්භ කර කිරි නැලිය හන්දියට පිවිස රත්මලේ ප්‍රධාන මාර්ගයේ දික්වැල්ල දෙසට ගමන් කර වේලුවනාරාම පාර ඔස්සේ රදම්පල දෙසට නාවර හේන හන්දිය දක්වා ගමන් කර රදම්පල නගරයට පිවිස රදම්පල රෝහල අසලින් රන්නා වල මාර්ගයේ නැවත විහාරස්ථානයට පැමිණීමට නියමිතව තිබෙනවා.

පෙරහර ගමන් ගන්නා කාලසීමාව තුල පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

රත්මලේ නගරයේ සිට හුන්නදෙණිය හන්දියට පැමිණ දික්වැල්ල දෙසටත්, මාතර දෙසටත් ගමන් කල හැකි අතර, රදමිල මුරුගස් පිටිය හන්දියෙන් තිහගොඩ දෙසට ද, නාවරහේන හන්දියෙන් ගලගම හන්දියට පැමිණ බෙලි අත්ත දෙසටද ගමන් කල හැකි බවත් පොලිසිය පවසනවා.

කෝන්දෙණිය අශෝකාරාම විහාරස්ථානයේ පොසොන් පෙරහර 2026.06.29 වන දින රාත්‍රී 07.00 ට වීථි සංචාරය කිරීමට නියමිතයි.

පෙරහර විහාරස්ථානයෙන් ආරම්භ කර කොන්දේණිය හන්දියෙන් පරණ බෙලි අන්ත මාර්ගයට පිවිස ප්‍රධාන මාර්ගය ඔස්සේ දික්වැල්ල නගරයට ගමන් කර කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයේ දික්වැල්ල සිට තංගල්ල දෙසට ගමන් කර අශෝකාරාම මාර්ගයෙන් විහාරස්ථානයට පැමිණීමට නියමිතව තිබෙනවා.

පෙරහර පරණ බෙලිඅත්ත මාර්ගයේ විජිත මහා විද්‍යාලය දක්වා ගමන් ගන්නා කාල සීමාව තුල කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයේ එක් කොටසක් වසා තැබීමට සිදුවන බැවින් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

තංගල්ල සිට බෙලිඅත්තට පිවිස දික්වැල්ල දක්වාත්, බෙලිඅත්තෙන් අධිවේගී මාර්ගයත්, මහවෙල මාර්ගයේ පහජ්ජාව හන්දියෙන් හඳපාන්ගොඩැල්ල දෙසට ගමන් කර දික්වැල්ල දෙසටත්, වලස්ගලින් රදම්පල දෙසටත්, දික්වැල්ල වේහැල්ල රත්මලේ හරහා මාතර දෙසටත් ගමන් කල හැකියි බව පොලිසිය පවසනවා.

වලස්ගල ශ්‍රී ජයවර්ධන මුවලින්දාරාමය විහාරස්ථානයේ පොසොන් පෙරහර 2026.07.01 දින උදෑසන 10.00 සිට වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

පෙරහර විහාරස්ථානයෙන් ආරම්භ වී වලස්ගල සිට බෙලිඅත්ත දෙසට ගමන් කර කුමාරතුංග මාර්ගයේ උතුර විද්‍යාලය අසලින් ප්‍රධාන මාර්ගයට පිවිස මුස්ලිම් විදිය ඔස්සේ පරණ බෙලි අත්ත මාර්ගයේ පරණ බෙලිඅත්ත හන්දියට පැමිණ දික්වැල්ල බස් නැවතුම්පොළ හා පොලිස් ස්ථානය පසුකර, නව බෙලි අත්ත මාර්ගයේ නැවතවිහාරස්ථානයට පැමිණීමට නියමිතව ඇත.
පෙරහර ගමන් ගන්නා කාලසීමාව තුල පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

තංගල්ල සිට බෙලිඅත්ත අධිවේගී මාර්ගයන්, රදම්පලින් නාවර හේන හන්දියේ සිට ගලගම හන්දියට පිවිස බෙලිඅත්ත දෙසටත්, හුන්නදෙණිය හන්දියේ සිට රත්මලේ දෙසට ගමන් කර මුරුත ගස්පිටිය හන්දියෙන් තිහගොඩ දෙසටත්, නාකුළුගමුව හන්දියේ සිට පහජා හන්දියට පිවිස තංගල්ල දෙසටත්, දඹගස්ආර හන්දියෙන් සියඹලාගස් හන්දිය හරහා තංගල්ල දෙසටත් ගමන් කල හැකි බව පොලිසිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01