මෙරට වෙළඳපොළේ රත්‍රං මිල ගණන් පහත වැටී ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ගය සඳහන් කරනවා.
ලෝක වෙළඳපොළේ රත්‍රං මිල පහත වැටීමත් සමඟ මෙරට රන් පවුමක මිල ද මෙලෙස පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව කැරට් 24ක රන් පවුමක මිල රුපියල් 12,000කින් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අද (02) දිනයේ මෙරට රත්‍රං වෙළඳපොළේ 24ක රන් පවුමක් රුපියල් 368,000ක් ලෙස සටහන්ව තිබූ අතර, කැරට් 22ක පවුමක මිල රුපියල් 338,600ක් ලෙස දැක්වුණා.
මේ වනවිට ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,687ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉතිහාසයේ පළමුවරට පසුගිය සතියේ ඇමරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
3
+1
+1
+1
+1













