රත්නපුර මහ නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි

ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර මහ නගර සභාවේ 2026 වසරට නියමිත මංගල අයවැය පරාජයට පත්ව තිබෙනවා.

නගරාධිපති ඉන්ද්‍රජිත් කටුගම්පොල විසින් අද (12) දින සභාවට මෙම අයවැය ඉදිරිපත් කෙරුණු අතර ඒ අනුව එම අයවැය සම්මත කරගැනීම සඳහා ඡන්ද විමසීමක් සිදු කෙරුණා.

ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීවරු 25 දෙනෙක් සභාවේ රැඳී සිටි අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 12 ක් සහ විපක්ෂව ඡන්ද දහතුනකුත් 13ක් හිමිවුණා

ඒ අනුව එක් වැඩි ඡන්දයකින් මෙම අයවැය පරාජයට පත්ව තිබෙනවා.

රත්නපුර මහ නගර සභාවේ මුළු සභික සංඛ්‍යාව 27 ක් වන අතර අද දින සභාවට මන්ත්‍රීවරු දෙදෙනෙක් පැමිණ සිටියේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
13
+1
3
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?