රත්නපුර නිවසකට වෙඩි ප්‍රහාරයක්

රත්නපුර, මාරපන, තලාව ප්‍රදේශයේ නිවසකට අද (26) අලුයම් කාලයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් එම නිවසේ කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බවයි රත්නපුර පොලිසිය පැවසුවේ.

එම අවස්ථාවේ නිවසේ හිමිකරු ඔහුගේ බිරිඳ, දරු දෙදෙනා සහ දෙමව්පියන් නිවස තුළ රැඳී සිට තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ වෙඩි ප්‍රහාරය එල්ල වූ නිවසේ හිමිකරු පතල් හිමිකරුවෙකු බවත්, පතල් ආරවුලක් සම්බන්ධයෙන් මෙම සිදුකන්නට ඇති බවට සැක කරන බවයි.

වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස දොරටුවට හානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !