රත්තරං ගැන ඉන්දියාවෙන් ඇහෙන අපූරු කතාවක්

රත්‍රං, ඉන්දියාවේ ධනය හා සමෘද්ධියේ සංකේතයක් ලෙස සැලකෙනවා.

එය ඉන්දියාවේ සංස්කෘතිය හා සම්ප්‍රදාය තුළ ගැඹුරින් මුල් බැස ඇති අතර කාන්තාවන් සඳහා තීරණාත්මක වැදගත්කමක් දරනවා.

ඕනෑම කුඩා සාම්ප්‍රදායික කටයුත්තක් හෝ විවාහයක් වේවා, රන් ඉන්දියානුවන්ට අත්‍යවශ්‍යයි.

කාන්තාවන් දිනපතාම මෙම වටිනා ලෝහය පළඳින අතරම ඒ නිසාම කරන මිල දී ගැනීම් නිසා ඔවුන් සතුව ඇති ප්‍රමාණය වැඩි වී තිබෙනවා.

ඒ අනුව ඉන්දීය කාන්තාවන් සතුව පවතින රන් ප්‍රමාණය ලොව ඉහළම අගයයි.

ලෝක රන් කවුන්සිලයේ වාර්තාවකට අනුව ඉන්දියානු කාන්තාවන් සතුව ඇති සමස්ත රත්‍රං තොගය ටොන් 24,000ක්.

එම ප්‍රමාණය ඕනෑම රටක් සතු රත්‍රං ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි වීම විශේෂත්වයක් වනවා.

වාර්තාවලට අනුව, ලෝකයේ මුළු රන් ප්‍රමාණයෙන් සියයට 11ක් ඇත්තේ ඉන්දියානු කාන්තාවන් සතුයි.

එය ලෝකයේ හොඳම රටවල් 5 හි ඒකාබද්ධ රන් ගබඩාව අබිබවා යනවා.

ඉහළම රත්‍රං ගබඩා කර ඇති රටවල් 5 අතරට, එක්සත් ජනපදය රත්‍රං ටොන් 8,000 ක්, ජර්මනිය ටොන් 3,300 ක්, ඉතාලිය ටොන් 2,450 ක්, ප්‍රංශය ටොන් 2,400 ක් සහ රුසියාව ටොන් 1,900 ක් ලෙස සඳහන්.

ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ කාන්තාවන් ඉන්දියාවේ රත්‍රංවලින් සියයට 40 ක් ද, තමිල්නාඩුව පමණක් සියයට 28 ක් ද සතුවන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා.

විවාහක කාන්තාවන්ට කිසිදු බදු ගෙවීමකින් තොරව රත්‍රන් ග්‍රෑම් 500 ක් දක්වා තබා ගැනීමට ඉන්දීය නීති අවසර දී තිබෙනවා.

අවිවාහක කාන්තාවන් සඳහා මෙම සීමාව ග්‍රෑම් 250 ක්.

කෙසේ වෙතත්, පිරිමින්ට තබා ගත හැක්කේ රත්රන් ග්‍රෑම් 100 ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?