රට විවෘත කිරීමෙන් පසු රාත්‍රී කාලයේ නිරෝධායන ඇදිරි නීතිය?

ඔක්තෝම්බර් පළමු වනදා සිට රට සීමාවන්ට යටත්ව විවෘත කිරීමට අපේක්‍ෂා කළද රාත්‍රී කාලයේ නිරෝධායන ඇදිරි නීතිය පැනවීමට අවධානය යොමුවී තිබෙනවා. 

ඒ අනුව බොහෝදුරට දිනපතා රාත්‍රී දහයේ සිට පසු දින අලුයම 4 දක්වා නිරෝධායන ඇදිරී නීතිය පැනවීමටයි නියමිතව ඇත්තේ. 

ඔක්තෝම්බර් පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ. 

ඒ අනුව විවාහ මංගල උත්සව සදහා දැඩි සීමා පැනවෙනු ඇති. 

සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් එම උත්සව නිවෙස් තුළ පමණක් සිදු කිරීමට අවසර ලබාදීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත්තේ. 

අවමංගල්‍ය උත්සව සදහා මෙන්ම ජනතාව සමූහ වශයෙන් එක් විය හැකි තවත් ක්‍රියාකාරකම් රැසක් වෙනුවෙන්ද නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව හරහා දැඩි සීමා පැනවෙනු ඇති.

මේ අතර සීමාවන්ට යටත්ව ඔක්තෝම්බර් පළමු වනදා සිට රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ ප්‍රකාශ කළා. 

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 30 වනදා ගන්නා බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැවසුවේ. 

රට විවෘත කළද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ජනතාව කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
45
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ එයා‍ර් බස් සිද්ධිය ගැන රංජිත්ගෙන් සැර කතාවක්..නවීන් දැන් 'මචං' ලෙවල් එකෙන්ද..?
02:04
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22
Video thumbnail
පෝළිම් එන්න එන්නම වැඩිවෙනවා..හොඳයිනේ වැඩේ..මෙහෙම ගියොත් හරි..ඉන්ධන ලබාගන්න පැමිණි අය කිව්ව දේ..
02:45
Video thumbnail
සජබ - එජාප එකතුවෙලා තමයි රටේ අනාගත ජනපති අගමැති හදන්නේ..රනිල් අපේ පියා - සජිත් අපේ ලොකු අයියා
01:30
Video thumbnail
නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඩොලර් බිලියන 18 හදාගන්න වෙන්නේ නෑ ඊළඟ ආත්මෙවත්
02:48
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයෙන් තෙල් නිකුත් කිරීමේ අඩුවක්..තෙල් බවුසර් ටික පෝළිමට නවත්තලා
01:53
Video thumbnail
පොලිස්පති සංවේදී වී කියූ කතාව..වියෝව පවුලට විතරක් නෙවෙයි පොලිසීයටත් ලොකු පාඩුවක්
04:15
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45