රට වසා තැබෙන කාලය තුල රුපියල් 5,000ක දීමනාව ලැබෙයිද?

රට අගුළු දමා ඇති කාලසීමාවේදී ජීවනෝපාය අහිමි පවුල් සඳහා රුපියල් 2000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ලබන සඳුදා සිට දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා එම කටයුතු ආරම්භ කරන බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල කියා සිටියේ.

මීට පෙර රට අගුළු දමා ඇති කාලසීමාවේදී මසක කාලයක් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට රජය පියවර ගනු ලැබුවා.

රුපියල් 2000ක දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එම්.එම්.චිත්‍රානන්ද දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මේ වන විටත් දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?