spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රට රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි

ජනාධිපති කාර්ය සධන බලකායේ සේවය කරන බව පවසමින් විදේශ රැකියා ලබාදීමට පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් බව කියන අයෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නවසීලන්තය, දකුණු කොරියාව, ජපානය, නෙදර්ලන්තය වැනි රටවල්වල රැකියා අවස්ථා ලබාදෙන වැඩ සටහනක් ක්‍රියාත්මකවන බවත්, එම රැකියා අවස්ථා ලබාදීමට හැකි බව පවසමින් සැකකරු මෙලෙස පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව සැකකරු විසින් එක් රැකියා අවස්ථාවක් සඳහා රුපියල් ලක්ෂ 15ක් වැයවන බවත්, පළමුව රුපියල් 750,000ක් ඒ සඳහා ගෙවිය යුතු බවයි ඔහු පවසා ඇත්තේ.

එමෙන්ම මෙම රැකියා වැඩසටහන සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, විෂය භාර ඇමතිවරයාගේ සහ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයාගේ ද සහාය ලැබන බවයි සැකකරු පවසා ඇති බව සඳහන්.

මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් සැකකරුව උපක්‍රමශීලීව බත්තරමුල්ල ප්‍රදේශයට ගෙන්වා ගෙන මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පැමිණ ඇති මෝටර් රථය ඉදිරිපිට ‘ජනාධිපති ලේකම් කාර්යාලය’ යන පුවරුවක් ද ප්‍රදර්ශණය කර තිබූ බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (19) කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?