රට රැකියා පෙන්වා මුදල් ගැරූ කත අල්ලයි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් සයදෙනෙකුගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කල කාන්තාවක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාර කාන්තාව විවිධ පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ 35ක මුදලක් වංචා කර ඇති බවයි වාර්තා වන්නේ.

විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් විසින් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුවයි මෙම සැකකාරිනියව ගම්පොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණේ.

ගම්පොළ ,කුරුඳුවත්ත, නාරන්විට ආදි ප්‍රදේශවල පදිංචිකරුවන් සය දෙනකු ගම්පොළ හා කුරුඳුවත්ත පොලිස් ස්ථාන වෙත කළ පැමිණිලිවලට අනුව ගම්පොළ පොලිසියේ අපරාධ අංශය සිදු කළ මැදිහත්වීමක් මත විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරින් පැමිණ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරුණා.

අත් අඩංගුවට ගත් සැකකාරිනිය 36 හැවිරිදි ගම්පොළ – මරියවත්ත ප්‍රදේශයේ කුලී නිවසක දී යි පොලිස් අත්අඩංගුවට ගැනුණේ.

එක් පුද්ගලයකුගෙන් රුපියල් 580,000 බැගින් මෙම සැකකාරිනිය ලබාගෙන තිබෙනවා.

ඉන්පසු ඔවුන් මගහැර ඇගේ ස්ථිර පදිංචිය ද වෙනස්කර සිටියදීයි මේ පිළිබඳ ව එම පිරිස පොලිසියට හා විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණිලි කර ඇත්තේ.

විදේශ රැකියා ලබාදෙනවා යැයි පැවසූ වෙනත් පුද්ගලයකුට තමා ලබාගත් මුදල් ලබා දුන් බව ද ඇය පොලිසියට පවසා තිබෙනවා.

ලියාපදිංචි නොමැති විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යාම සහ මූල්‍ය වංචා කිරීම ඇයට එරෙහි ව ඇති චෝදනා වන අතර ගම්පොළ අධිකරණයට ඇයව ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38