රට යන්න ආපු හිටපු ඇමති මහින්දානන්ද ගුවන්තොටුපලේදී හරවා යවයි

තායිලන්තය බලා යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නැවත හරවා යවා තිබෙනවා.

ඔහුට එරෙහිව අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව පනවා තිබූ ගුවන් ගමන් තහනමක් මත මෙම ගුවන් ගමන සදහා අවසරය හිමි නොවූ බැවිනුයි මන්ත්‍රීවරයා මෙලෙස ආපසු නිවෙස බලා හරවා යවා ඇත්තේ.

කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරියෙකු මේ බව තහවුරු කළා.

හිටපු අමාත්‍යවරයා ඊයේ (11) අලුයම 1ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 402 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔහුට එරෙහිව අධිකරණය මගින් විභාග වන නඩුවකට අදාළව පනවා තිබූ ගුවන් ගමන් තහනම් නියෝගයක් මත මෙම ගුවන් ගමන සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අවසර ලබා දී තිබුණේ නැහැ.

හිටපු අමාත්‍යවරයා සමග ඔහුගේ බිරිඳ ද මෙම ගුවන් ගමන සදහා සහභාගී වීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියද, ඇය ද සිය ගුවන් ගමන අතහැර අමාත්‍යවරයා සමග ආපසු සිය නිවෙස බලා පිටත්ව ගොස් ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34