මෙරට පත්ව ඇති අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් ක්රමය ගැන කොළඹ දිස්ත්රික් මන්ත්රී අනුර දිසානායක මහතා පවසයි. ආණ්ඩුව ,පෞද්ගලික අංශය,ගොවි ජනතාව විදෙස්ගත ජනතාව ආදී සියලුම පුරවැසියන් ඒකාබද්ධ වී පොර බැදුවොත් වසර දෙක තුනෙන් මෙම රට ගොඩගැනිමට හැකි බව ඔහු පවසයි.
සියලු ජනතාව එලෙස ඒකාබද්ධ කරන්න නම් ජනතාවගේ වරමින් ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු බවද එසේ කළහොත් ජනතාව රටෙි ප්රශ්න විසඳීමට වසරක් දෙකක් පමණ ආණ්ඩුවට කාලය ලබා දෙනු ඇති බවද අනුර දිසානායක මහතා කීය.
ජනාධිපති රනිල් තෝරාගෙන තිබෙන්නේ ජනතාව විසින් නොවන බවත් එමෙන්ම වික්රමසිංහට එරෙහිව ලැබුණු ජනවරමකින් රනිල් වික්රමසිංහගේ ආණ්ඩුවක් හැදීම ජනවරමට පටහැනි යැයිද දිසානායක මහතා පැවසීය.













