රට ගොඩනඟන අරමුදලට විදෙස්ගත ලාංකිකයන්ගෙන් මිලියන ගණනින් මුදල් – වැඩිම ප්‍රමාණයක් ප්‍රංශයෙන්

රට යළි ගොඩනැඟීම වෙනුවෙන් ස්ථාපිතකර ඇති අරමුදලට විදෙස්ගත සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් මිලියන 635කට අධික මුදලක් මේ වනවිට ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කරනවා.

ලංකා බැංකුව යටතේ ක්‍රියාත්මක ගිණුම හරහා තැන්පතු 30,470කට අධික ප්‍රමාණයක් මේ වනවිට සිදුව ඇති බවයි ලේකම්වරයා සඳහන් කළේ.

ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන, විදෙස් මුදලින් තැන්පත් කළ හැකි ගිණුම් හරහා මේ වනවිට රුපියල් මිලියන 61කට අසන්න මුදල් ප්‍රමනයජ්ක් ලැබී ඇති බවත් ඔහි පැවසුවේ.

ඒ අනුව මේ වනවිට රුපියල් මිලියන 697.476 ඉක්මවා හිය මුදලක් ලැබී ඇති බවට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව දන්වා ඒවා ඇති බවයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙතෙක් ලැබී ඇති මුදලවලින් වැඩිම ප්‍රමාණයක් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලංකිකන් මෙරට ඒවා ඇති බව සඳහන් කළ ඔහු, ඊට අමතරව කැනඩාව, ඇමරිකාව, කොරියාව වැනි රටවල වෙසෙස්න ශ්‍රී ලංකිකයින්ගෙන් වැඩි මුදල් ප්‍රමාණයක් රට යළි ගොඩනැඟීම වෙනුවෙන් ලබාදී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?