‍රට ඉදිරියට ගෙන යන්න සියලු මිත්‍රශීලී රටවල සහාය හිමිව තිබෙනවා – ජනපති

මෙරට ඉදිරියට ගෙන යාම සඳහා සියලු මිත්‍රශීලී රටවල සහාය තමාට හිමි ව ඇති බව ස්වාධීන අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (16) පෙරවරුවේ කන්තලේ දුම්රියපොළ ඉදිරිපිට පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින්.

ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය පුළුල් සංවර්ධනයකට ලක් කරන බවත්; බිඳ වැටුණු මෙරට ආර්ථිකය නැවත ගොඩනැඟීමට පසුගිය දෙවසර තුළ රජය ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන්, රට ඉදිරියට ගෙන යාමේ ගමනට ඉන්දියාව, ජපානය ඇතුළු සියලු මිත්‍රශීලි රටවල සහාය හිමිව තිබෙන බවත් ජනාධිපතිරයා ප්‍රකාශ කළා.

තම රජයක් යටතේ ඉදිරි වසර 05ක කාලය තුළ මුළුතැන්ගෙයි සටන අවසන් කරන බවත්; අද දේශප්‍රේමිත්වය ගැන කථා කරන සජිත් හා අනුර ආර්ථික අර්බුදය හමුවේ ජනතාව අතහැර පලා ගිය අයවලුන් බව ද ජනාධිපතිවරයා මෙහිදී මතක් කර සිටියා.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විජයග්‍රණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34