රට ආරක්ෂා කිරීමට සෑම දෙයක්ම කරනවා – බෙන්ජමින් නෙතන්යාහු

රට ආරක්ෂා කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කිරීමට තම රජය අධිෂ්ඨාන කරගෙන සිටින බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයට අද රොකට් සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ, ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායලය ද ගුවන් ප්‍රහාර එල්ල කළා.

ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානයට එරෙහිව ප්‍රහාර දියත් කිරීමෙන් පසු දකුණේ ප්‍රදේශවල පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවයි.

එවැනි යුද වාතාවරණයක බෙන්ජමින් නෙතන්යාහු අග්‍රාමාත්‍යවරයා හදිසි ආරක්ෂක කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා.

පසුගිය ජූලි මාසයේ දී බේරූට්හිදී ඊශ්‍රායල හමුදාව විසින් සිය අණදෙන නිලධාරී ෆුවාඩ් ෂුක්ර් මරාදැමීමට පළිගැනීමක් ලෙස හිස්බුල්ලා සංවිධානය අද මෙම ප්‍රහාර එල්ල කළා.

මේ අතර ඊශ්‍රායල හමුදාව පවසන්නේ ගාසා තීරයේ සහ ලෙබනනය සමඟ එහි උතුරු මායිමේ පෙරමුණු දෙකකින් යුද්ධයක් කිරීමට වුවද සූදානම් බවයි.

හිස්බුල්ලා සතුව රොකට් 150,000ක් පමණ ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර ඇතැම් ඒවාට ඊශ්‍රායලය පුරා ඉලක්ක වෙත ළඟා වීමට හැකියාව පවතින බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මේ අතර ඊශ්‍රායලයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය හිස්බුල්ලා ප්‍රහාර හේතුවෙන් තාවකාලික අත්හිටුවීමකින් පසු රටේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත සහ ඉන් පිටතට ගුවන් ගමන් නැවත ආරම්භ කළ බව නිවේදනය කර තිබෙනවා.

මේ අතර ලෙබනනයේ අගමැති නජීබ් මිකාටි පසුගිය පැය කිහිපය තුළ සිදු වූ ප්‍රහාරයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඔහුගේ නිවසේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා ඇති බව එරට ජාතික පුවත් ඒජන්සිය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් සංගම්වලින් රතු එළියක්..බස් ගාස්තු වැඩි නොකළොත් අපි බස් ධාවනය නවත්තලා දානවා
02:25
Video thumbnail
බුදියගෙන නැගිටිනකොට වැඩේ හරි..සන්තෝෂයි.. මිනිස්සුන්ට නහුතෙටම තදවෙයි
03:41
Video thumbnail
ඉදිරියේදී අලුත් අවුරුදු උත්සව තියන්න බැරිවෙයිද ?..සමහර විට අනවශ්‍ය උත්සව සීමා කරන්න වෙයි
03:09
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46
Video thumbnail
පැය 48ක් එකදිගට දිවීමෙන් තිබ්බ ගි‍නස් ලෝක වාර්තාව..කොහොමද අපේ රටේ ගැම්ම
02:28
Video thumbnail
මින් ඉදිරියට ඔයාලට රෑට ලයිට් එන්නේ ඩීසල්වලින්..විදුලිය සඳහා බරපතළ ගැටලුවක් එනවා ?
02:00
Video thumbnail
ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ හේතු ඇමති නලින්ද හෙළිකරයි..පෞද්ගලික අංශය අපෙන් මිල වැඩි වීමක් ඉල්ලුවා
09:12
Video thumbnail
වැඩිවීම මුළුමනින්ම ජනතාව මතට දැම්මනම් මීට වැඩිය තෙල් මිල වැඩි වෙනවා
02:36
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34