රටේ ස්වෛරීභාවය සුරැකීම සඳහා යහපත් විදේශ සේවයක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සුරැකීම සඳහා යහපත් විදේශ සේවයක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දූත මණ්ඩල සේවාව සඳහා පිටත්ව යන නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 11 දෙනෙක් ඊයේ (04) ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අවස්ථාවේ දී යි.

ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළට අනෙකුත් විදේශ රටවල සහාය ලබා ගැනීමට කැපවීමෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නව දූත මණ්ඩල සාමාජිකයන්ගෙන් ඉල්ලා තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

අප රජයේ ප්‍රධාන අරමුණ වන්නේ පළමුව යහපත් විදේශ ප්‍රතිපත්තියක් ඇති කර ගැනීම වන අතර දෙවනුව මිත්‍ර සබඳතා ගොඩනඟා ගැනීමයි. මෙහිදී ආර්ථික සැලසුම්, ආරක්ෂක අරමුණු සහ දේශගුණික විපර්යාස සම්බන්ධ අරමුණු අප සපුරාගත යුතුව තිබෙනවා. මේ අභිමතාර්ථ ළඟා කර ගැනීම රඳා පවතින්නේ අලුතින් පත්වීම් ලැබූ දූත මණ්ඩල ප්‍රධානීන්ගේ ක්‍රියාකාරිත්වය මතයි.

අපගේ ප්‍රධාන සහ මුඛ්‍ය අරමුණ විය යුත්තේ විදෙස් රටවල් සමඟ සබඳතා ගොඩනඟා ගැනීම හා එහි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ අයිතීන් සුරැකීමයි. ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට පවතින දේශපාලන ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඩයස්පෝරා කාර්යාලයක් මෙරට ස්ථාපනය කිරීමට අපි කටයුතු කරනවා. එහිදී ඔවුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කළ හැකියි.
විදේශ අමාත්‍යාංශය මේ වන විටත් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ 2030 සඳහා වන විදේශ සේවය සම්බන්ධ කෙටුම්පතක් සකසමින් සිටින අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මෙන්ම පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

වාණිජ දෙපාර්තමේන්තුව වෙනුවට ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක් ද මෙරට ස්ථාපිත කිරීමට අපි බලාපො‍රොත්තු වෙනවා. ක්ෂේත්‍ර ගණනාවක වෙළෙඳාම සම්බන්ධ ගැටලු නිරාකරණය කොට අපේ ආර්ථිකයට ප්‍රතිලාභ ලබා ගැනීමට එමගින් හැකි වෙනවා. එබැවින් ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය මෙම ක්‍රියාදාමය තුළ ප්‍රධාන ස්ථානයක් ගනු ඇතැයි මම විශ්වාස කරනවා.”

අදාළ රටවල් සමඟ සම්බන්ධතා ශක්තිමත් කර ගැනිම සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීම, ආයෝජන අවස්ථා ඉහළ නංවා ගැනීම, සංචාරක කරමන්තය ප්‍රවර්ධන, කෘෂිකාර්මික රැකියා අවස්ථාව පුළුල් කිරීම, පුහුණු සංක්‍රමණ, අධ්‍යාපන සහ සමුද්‍රීය ගැටලු විසඳා ගැනීම සිදු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා මෙහිදී අදහස් දක්වා තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත් කෙරුණු විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් චිත්‍රාංගනී වාගීස්වර, ප්‍රංශ‍යේ තානාපති ලෙස පත් කෙරුණු මනීෂා ගුණසේකර, බහරේන් තානාපති ලෙස පත් කෙරුණු එච්.එම්.ජී.ආර්.ආර්.කේ. විජේරත්න මෙන්ඩිස්, වියට්නාමයේ තානාපති ලෙස පත් කෙ‍රුණු ආචාර්ය ඒ.එස්.යූ. මෙන්ඩිස්, ජර්මනියේ තානාපති ලෙස පත්කෙරුණු වරුණි මුතුකුමාරණ, ලෙබනනයේ තානාපති ලෙස පත් කෙරුණු කපිල ජයවීර, ඊශ්‍රායලයේ තානාපති ලෙස පත්කෙරුණු එම්.එච්.එම්.එන්. බණ්ඩාර, ඉතියෝපියාවේ තානාපති ලෙස පත් කෙරුණු කේ.කේ.ටී. කුමාරසිරි, ජෝර්දානයේ තානාපති ලෙස පත් කෙරුණු ප්‍රියංගිකා විජේගුණසේකර, පිලිපීනයේ තානාපති ලෙස පත් කෙරුණු ආචාර්ය චානක එච්.තල්පහේවා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ලෙස පත් කෙරුණු උදය ඉන්ද්‍රරත්න යන මහත්ම මහත්මීහු ද, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ, තිරසර සංවර්ධන හා තරුණ කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේවීර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34