රටේම අවධානය ගත් විවාහ රූ රැජිණ තරඟය ගැන රෝසි සේනානායක කියූ කතාව

හිටපු ලෝක විවාහක රූ රැජිණක වන රෝසි සේනානායක, ශිරන්ති රාජපක්ෂ සහ චන්දිමාල් ජයසිංහ ඉදිරියේ පුෂ්පිකා ද සිල්වා මෙවර ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළඳුවාය.

කෙසේ වෙතත්, එම අබිසෙස් ගැන්වීමෙන් සුළු මොහොතකට පසු පසුගිය වසරේ ලෝක විවාහක රූ රැජිණ බවට පත්වූ කැරොලයින් ජූරි වේදිකාවට පැමිණ ප්‍රකාශ කළේ, පුෂ්පිකා ද සිල්වා දික්කසාද වූ කාන්තාවක බැවින් ඇය මෙම තරගයට ඉදිරිපත් වීමට සුදුසුකම් නොලබන බවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වූ අතර මෙහි සත්‍ය තත්ත්වය දැන ගැනීම සඳහා අපි ලෝක විවාහක රූ රැජිණක වන රෝසි සේනානායක මහත්මියගෙන් කරුණූ විමසීමු.

ඇය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, තමන් ඇතුළු සියලු ආරාධිතයින් සහ සංවිධායකයින් එම ස්ථානයෙන් පිටව ගිය පසු කැරොලයින් ජූරි විසින් පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගලවා, දෙවන ස්ථානය දිනූ ආශ්‍යා බස්නායකට පළඳවනු ලැබූ බවය.

“අපි ඔක්කොම එතනින් ආවට පස්සෙ තමයි මේක කරලා තියෙන්නේ. මම දැක්කෙත් ෆේස්බුක් එකෙන්. මම කිරුළ පළඳවලා ගෙදරට යන්න කලින් මේක කරලා තියෙන්නේ. මේක කොහොමටවත් අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම කවදාවත් දැකලා නෑ මේ වගේ අවාසනාවන්ත තත්ත්වයක්,” රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

පුෂ්පිකා ද සිල්වාට තරග නීතිරීති අනුව තරගයට ඉදිරිපත් විය නොහැකි ද?

“කිසි ම ප්‍රශ්නයක් නෑ. ඇය දික්කසාද නඩුවක් දාල තියෙන කෙනෙක් වුණාට නීතියෙන් දික්කසාද වුණ කෙනෙක් නෙවේ. දික්කසාද නඩුවක් දැම්මා කියන්නේ දික්කසාද වුණා කියන එක නෙවෙයි. දික්කසාද නඩුවක් දාපුවා ම අධිකරණයෙන් ඒ දෙන්නට කාලයක් දෙනවා සමාදාන වෙන්න. ඒ නිසා ඒ ගොල්ලො ආයෙත් සමාදාන වෙන්නත් පුළුවන්. ඒ නිසා පුෂ්පිකා ද සිල්වාට මෙම තරගයට සහභාගි වෙන්න කිසි ම බාධාවක් නෑ.”

මේ අතර, රෝසි සේනානායක මහත්මිය ප්‍රකාශ කළේ, පුෂ්පිකා සම්බන්ධයෙන් යම් ගැටලුවක් වී නම් ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමට අවශ්‍ය තරම් කාලයක් පැවති බවය.

“මෙතන මමත් එක්ක, ශිරන්ති රාජපක්ෂ මහත්මිය හිටියා. ජලනි ප්‍රේමදාස මහත්මිය හිටියා. ඒ ඔක්කොම ගියාට පස්සෙ එතන වුණ හැසිරීම හරි ම අශෝභනයි. පිළිකුල්සහගතයි. මේ වගේ කාන්තාවන් හැසිරෙනවා මම කිසි ම වේදිකාවක දැකල නෑ. විනිශ්චය මණ්ඩලය දෙන්නෙ ගෞරවණීය තීන්දුවක්. ඒක වෙනස් කරනවා කියන්නේ විනිශ්චය මණ්ඩලයට සපත්තුවෙන් ගහනවා වගේ වැඩක්,” රෝසි සේනානායක මහත්මිය සඳහන් කළාය.

ඇය විවාහක රූ රැජිණ බවට කිරුළ පැළඳි පුෂ්පිකා ද සිල්වා මහත්මිය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූවාය.

“මම නම් පැනල් එකේ හිටියෙ නෑ. ඒත් මම දිගට ම මේක බැලුවා. පුෂ්පිකා තමයි එතන කිරුළ දිනිය යුතු කාන්තාව කියල මම හිතන්නේ. විනිශ්චය මණ්ඩලයේ තීන්දුව හරි.”

මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
634
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත් ආණ්ඩුව සැරටම අමතයි - බාල දේශපාලනය නවත්වන්න
02:10
Video thumbnail
වැරදි කරන පොලිස් නිලධාරීන්ට පොලිස්පති අනතුරු අඟවයි
06:49
Video thumbnail
පොඩ්ඩන්ගෙන් සජිත්ට ලැබුණු සුපිරි පිළිගැනීම
01:16
Video thumbnail
අරුන් බෝ#ම්බ ග#හනවා - අපි පෙට්‍රල් ග#හනවා
00:35
Video thumbnail
පෝලිමේ ඉඳලා ෆුල් ටෑන්ක් ගහපු යතුරුපැදියෙක් මහ පාරේ ගිනිගනී
00:31
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58