AFC Banner
Empty Ad
Empty Ad

රටවල් 5ක සංචාරකයන්ට නොමිලේ වීසා දෙන්න කැබිනට් පත්‍රිකාවක්

රටවල් පහකින් මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නොමිලේ සංචාරක වීසා ලබාදීමට සංචාරක අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව යන රටවල සංචාරකයින් සඳහා නොමිලේ සංචාරක වීසා ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සංචාරක අමාත්‍යාංශය පවසන්නේ නොමිලේ සංචාරක වීසා ලබාදීමේ අරමුණ ශ්‍රී ලංකාවට වැඩි සංචාරකයින් ගෙන්වා ගැනීම බවයි.

මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ යෝජනාවක් පසුගිය කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ විදේශ අමාත්‍ය අලි සබ්රි එක්වයි මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.

Tourism Ministry
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?