රටවල් කිහිපයකට 2024 නව වසර උදාවෙයි

පැසිපික් කලාපීය රාජ්‍යයන් වන දූපත් සහ රටවල් කිහිපයකට 2024 නව වසර උදාවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.30ට 2024 වසර මුලින්ම පිළිගනු ලැබුවේ ටොංගා, සමෝවා සහ නවසීලන්තයේ ක්‍රිස්මස් දූපත්වාසීන් (Kiritimati Island) විසින්.

එමෙන්ම තවත් මොහොතකින් නවසීලන්තයට ද 2024 නව වසර උදා වීමට නියමිතව තිබෙනවා.

ක්‍රිස්මස් දූපත ලෙසද හැඳින්වෙන කිරිතිමති දූපත සහ මධ්‍යම පැසිෆික් සාගරයේ පිහිටි ජනාවාස නොවූ තවත් දූපත් 10ක පෙළක් 2024 පළමු පිළිගැනීම බවට පත් වුණා.

බ්‍රිතාන්‍ය ජාතිකයින් තවමත් දෙසැම්බර් 31 වන දින උදෑසන 10ට තවමත් ඔවුන්ගේ උදෑසන කෝපි වේලක රස බලන අතර මෙම දූපත් සමූහය නව වසර පිළිගන්නා බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 11ට කුඩා පැසිෆික් දූපත් වන ටොංගා සහ නවසීලන්තය මෙන්ම සැමෝවා දූපත්වලට නව වසර උදාවනු ඇති.

ලොව පුරා රටවල් විවිධ අවස්ථාවල නව වසර උදාව සමරන විට, අවසානයට නව වසර උදාවන්නේ බේකර් දූපත සහ හොව්ලන්ඩ් දූපතටයි. ඔවුන් ජනවාරි 1 වන දින ග්‍රිනිච් වේලාවෙන් දහවල් 12ට 2024 නව වසර දකිනු ඇති.

මේ අතර 2024 නව වසර පිළිගැනීම සඳහා ශ්‍රී ලාංකිකයින් ද මේ වනවිට සූදානමින් සිටිනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා අද (31) උදෑසන සිට ජනතාව නගර කරා පැමිණෙමින් සිටින බවයි.

2023 වසර ජනතාව ආර්ථික හා සමාජ ප්‍රශ්න රැසකින් පීඩා විඳි නමුත් එළැඹෙන නව වසරේ එම බාධා ඉවත්ව සැනසුම් දායක වසරක දිවි ගෙවීම සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රාර්ථනාවයි.

නව වසරට සෙත් පතා දිවයිනේ ස්ථාන රැසක විවිධ ආගමික වැඩසටහන් ද සංවිධාන කර තිබෙනවා.

එමෙන්ම කොළඹ නගර ඇතුළු ප්‍රධාන නගර ආශ්‍රිතව විවිධ වැඩසටහන් ද සංවිධානය කර ඇත්තේ ජනතාව නව වසර පිළිගැනීමේ අරමුණින්.

නවීන ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුව වාර්ෂිකව ජනවාරි 1 වැනිදා අලුත් අවුරුදු දිනය සමරනු ලබනවා.

ලොව පුරා සිටින ජනතාව තම පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ මෙම අවස්ථාව සිහිපත් කරමින්, ඔවුන්ට ඉදිරි වසර සඳහා සුබ පැතුම් ප්‍රාර්ථනා කරනවා.

ගෙවී ගිය වසරට සමුදීම වෙනුවෙන් බොහෝ ස්ථානවල ජනතාව ඒකරාශී වී විවිධ සැමරුම්වලට එක්වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
2
+1
6
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?