රටවල් කිහිපයකට 2024 නව වසර උදාවෙයි

පැසිපික් කලාපීය රාජ්‍යයන් වන දූපත් සහ රටවල් කිහිපයකට 2024 නව වසර උදාවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.30ට 2024 වසර මුලින්ම පිළිගනු ලැබුවේ ටොංගා, සමෝවා සහ නවසීලන්තයේ ක්‍රිස්මස් දූපත්වාසීන් (Kiritimati Island) විසින්.

එමෙන්ම තවත් මොහොතකින් නවසීලන්තයට ද 2024 නව වසර උදා වීමට නියමිතව තිබෙනවා.

ක්‍රිස්මස් දූපත ලෙසද හැඳින්වෙන කිරිතිමති දූපත සහ මධ්‍යම පැසිෆික් සාගරයේ පිහිටි ජනාවාස නොවූ තවත් දූපත් 10ක පෙළක් 2024 පළමු පිළිගැනීම බවට පත් වුණා.

බ්‍රිතාන්‍ය ජාතිකයින් තවමත් දෙසැම්බර් 31 වන දින උදෑසන 10ට තවමත් ඔවුන්ගේ උදෑසන කෝපි වේලක රස බලන අතර මෙම දූපත් සමූහය නව වසර පිළිගන්නා බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 11ට කුඩා පැසිෆික් දූපත් වන ටොංගා සහ නවසීලන්තය මෙන්ම සැමෝවා දූපත්වලට නව වසර උදාවනු ඇති.

ලොව පුරා රටවල් විවිධ අවස්ථාවල නව වසර උදාව සමරන විට, අවසානයට නව වසර උදාවන්නේ බේකර් දූපත සහ හොව්ලන්ඩ් දූපතටයි. ඔවුන් ජනවාරි 1 වන දින ග්‍රිනිච් වේලාවෙන් දහවල් 12ට 2024 නව වසර දකිනු ඇති.

මේ අතර 2024 නව වසර පිළිගැනීම සඳහා ශ්‍රී ලාංකිකයින් ද මේ වනවිට සූදානමින් සිටිනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා අද (31) උදෑසන සිට ජනතාව නගර කරා පැමිණෙමින් සිටින බවයි.

2023 වසර ජනතාව ආර්ථික හා සමාජ ප්‍රශ්න රැසකින් පීඩා විඳි නමුත් එළැඹෙන නව වසරේ එම බාධා ඉවත්ව සැනසුම් දායක වසරක දිවි ගෙවීම සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රාර්ථනාවයි.

නව වසරට සෙත් පතා දිවයිනේ ස්ථාන රැසක විවිධ ආගමික වැඩසටහන් ද සංවිධාන කර තිබෙනවා.

එමෙන්ම කොළඹ නගර ඇතුළු ප්‍රධාන නගර ආශ්‍රිතව විවිධ වැඩසටහන් ද සංවිධානය කර ඇත්තේ ජනතාව නව වසර පිළිගැනීමේ අරමුණින්.

නවීන ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුව වාර්ෂිකව ජනවාරි 1 වැනිදා අලුත් අවුරුදු දිනය සමරනු ලබනවා.

ලොව පුරා සිටින ජනතාව තම පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ මෙම අවස්ථාව සිහිපත් කරමින්, ඔවුන්ට ඉදිරි වසර සඳහා සුබ පැතුම් ප්‍රාර්ථනා කරනවා.

ගෙවී ගිය වසරට සමුදීම වෙනුවෙන් බොහෝ ස්ථානවල ජනතාව ඒකරාශී වී විවිධ සැමරුම්වලට එක්වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
2
+1
6
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34