රටම බිය ගන්වමින් වැලිගම බෝම්බයක් පුපුරුවාහරි

වැලිගම විජයාරාම මාවතේ කුණු ගොඩක තිබු පීඩන බෝම්බයක් බවට සැක කෙරෙන උපකරණයක් වැලිගම සේනානායක ක්‍රීඩාංගනයේදි ඊයේ (8 ) දින පස්වරුවේදි පුපුරවා හැරීමට කටයුතු කල බව වැලිගම පොලිසිය පවසනවා.

වැලිගම නගර සභාවේ සේවකයන් පිරිසක් විසින් දින කිහිපයක සිට වැලිගම විජයාරාම ප්‍රදේශයේ මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරමින් සිට ඇති අතර එහිදී බෝම්බයක් බවට සැක කෙරෙන උපකරණයක් හමුවී තිබේ.

අනතුරුව වැඩ පරික්ෂක සුජිත් ඉන්දික මහතා විසින් නගරාධිපතිනි යමුනා පුංචිහේවා මහත්මිය වෙත දැනුම් දීමෙන් පසු විශ්‍රාමික කමාන්ඩෝ සෙබළෙකු වන ජයරත්න බණ්ඩාර විසින් මෙම උපකරණය බෝම්බයක් බවට හඳුනාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

පසුව වැලිගම පොලිස් ස්ථානයට දැනුම් දී එම ස්ථානයේ ආරක්ෂාව තර කරන ලද අතර පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ අක්මීමන කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ පීඩන බෝම්බයක් බවට සැකකරන උපකරණය අධිකරණ නියෝග මත වැලිගම සේනානායක ක්‍රීඩාංගනයේදී පුපුරුවා හැරීමට කටයුතු කර තිබිණි

මෙය පීඩන බෝම්බයක් බවට සැක කරණ බවද එය හඳුනා ගැනීමට අදාල තොරතුරු කිසිවක් නොමැතිබව පොලිසිය කියයි

එම උපකරණය කවුරුන් විසින් එම ස්ථානයට ගෙනැවිත් දැම්මාද පිළිබඳව තොරතුරක් නොමැති බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරීක්ෂණ කටයුතු මෙහෙයවති

වැලිගම ගොසිප් ලංකා ප්‍රාදේශීය වාර්තාකරු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04