AFC Banner
Empty Ad

රජුට පිළිකාවක් – බකිංහැම් මාලිගයෙන් නිවේදනයක්

තුන්වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කරනවා.

ඒ, අනුව චාල්ස් රජු ඊයේ (05) දිනයේ සිට නිත්‍ය ප්‍රතිකාර කාලසටහනක් ආරම්භ කර ඇති බවයි රජ මාලිගාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එම කාලය තුළ මහජනතාව හමුවීම වැනි කටයුතු වලින් බැහැරව සිටින ලෙස වෛද්‍යවරුන් ඔහුට උපදෙස් දී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් රජතුමා සුපුරුදු පරිදි රාජ්‍ය කටයුතු සහ නිල ලේඛන කටයුතු කරගෙන යනු ඇති බවයි බකිංහැම් මාලිගය පවසන්නේ.

චාල්ස් රජුට පුරස්ථ ග්‍රන්ථියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය සතියේ රෝහල් ගතව ප්‍රථිකාර ලැබීමට සිදු වුණා.

එහිදී සිදුකළ පරීක්ෂණවල දී රජුට වැළඳී ඇති පිළිකා තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය කණ්ඩායම් අනාවරණය කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
6
+1
4
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?