රජරට විශ්වවිද්‍යාලයේ කුලපති දින 10ක් තුළ ඉල්ලා අස්වෙයි

රජරට විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන් පසුගිය 10 වැනි දා ධුරයට පත් කෙරුණු පූජ්‍ය ආචාර්‍යය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් විසින් ජනාධිපති ලේකම් ආචාර්‍යය සනත් නන්දික කුමානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් සිය ඉල්ලා අස්වීම දැනුම්දී ඇති බවයි වාර්තා වූයේ.

සිය ධුරය කිසියම් හෝ පාර්ශ්වයක සිත් වේදනාවකට තුඩුදෙන්නේ නම් හෝ යම් ගැටලුවකට පාත්‍ර වන්නේ නම් එම තනතුර භාරගැනීමට වඩා සංඝ සමගිය රැකගැනීම වෙනුවෙන් මෙම තීරණය ගන්නා බව ද උන්වහන්සේ සිය ලිපිය මගින් අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව ගල්ලෑල්ලේ හිමියන් සිය ධුරය භාරගෙන හරියටම දස දිනක් ගෙවී යන මොහොතේ දී එම ධුරයෙන් ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?