2024 වර්ෂය සඳහා රජයේ සේවකයින්ට රුපියල් 4000ක අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ එම අත්තිකාරම් මුදල ජනවාරි පළමුවනදා සිට පෙබරවාරි මස 29 වනදා දක්වා බවයි.
රජයේ සේවකයින්ට මෙලෙස ලබාගත හැකි අත්තිකාරම් මුදල 2024 වර්ෂය තුළදීම අයකරගෙන අවසන් කළ යුතු වනවා.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මඟින් මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
7
+1
2
+1
1
+1
+1
2




