අනිද්දා (09) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස රාජකාරී ආවරණය කරන පුද්ගලයා වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා කටයුතු කිරීමත් සමඟ රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට මෙලෙස තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.
ඒ, අනුව ඊයේ (06) රැස්වූ එම සංගමයේ විධායක සභාව 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවීමට මෙලෙස තීරණය කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



