රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව 2025 වසරේ කැලැන්ඩරය ප්‍රසිද්ධ කෙරේ – රජයේ අනුමත නිවාඩු 26ක්

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂයට අදාළ දින දර්ශනය මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ඒ, අනුව 2025 වර්ෂය තුළ රජයේ අනුමත නිවාඩු 26ක් ඇතුළත්.

එළඹෙන වසරේ දී ජනවාරි මාසයේ රජයේ නිවාඩු 02ක්, පෙබරවාරි මාසයේ රජයේ නිවාඩු 03ක් සහ මාර්තු මාසය තුළ රජයේ අනුමත නිවාඩු 02ක් යෙදෙනවා.

එමෙන්ම 2025 වර්ෂය වැඩිම නිවාඩු ගණනක් යෙදී ඇත්තේ අප්‍රේල් මාසයේ දීයි.

ඒ, අනුව අප්‍රේල් මාසය තුළ රජයේ නිවාඩු 04ක් දී ඇති අතර, මැයි මාසය තුළ නිවාඩු 03ක් සහ ජුනි මාසය තුළ නිවාඩු 02ක් ද යෙදී තිබෙනවා.

2025 වසරේ ජුලි සහ අගෝස්තු යන මාසයන්වල නිවාඩු දිනය බැඟින් යෙදී ඇති අතර, සැප්තැම්බර් සහ ඔක්තොම්බර් මාසයන්වල දී රජයේ නිවාඩු දෙක බැගින් යෙදී ඇති බව සඳහන්.

එමෙන්ම නොවැම්බර් මාසයේ එක් නිවාඩුවක් සහ දෙසැම්බර් මාසයේ රජයේ නිවාඩු දෙකක් දී තිබෙනවා.

ජනවාරි 13 සඳුදා – දුරුතු පුර පසළොස්වක පෝය දිනය
ජනවාරි 14 අඟහරුවාදා – දෙමළ තෛපොංගල් දිනය
පෙබරවාරි 04 අඟහරුවාදා – නිදහස් සමරු දිනය
පෙබරවාරි 12 බදාදා – නවම් පුර පසළොස්වක පෝය දිනය
පෙබරවාරි 26 බදාදා – මහ සිවරාත්‍රි දිනය
මාර්තු13 බ්‍රහස්පතින්දා – මැදින් පුර පසළොස්වක පෝය දිනය
මාර්තු 31 සඳුදා – ඊදුල් ෆීතර් (රාමසාන් දිනය)
අප්‍රේල් 12 සෙනසුරාදා – බක් පුර පසළොස්වක පොහොය දිනය
අප්‍රේල් 13 ඉරිදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය
අප්‍රේල් 14 සඳුදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය
අප්‍රේල් 15 අඟහරුවාදා – විශේෂ බැංකු නිවාඩු දිනය
අප්‍රේල් 18 සිකුරාදා – මහ සිකුරාදා දිනය
මැයි 01 බ්‍රහස්පතින්දා – ලෝක කම්කරු දිනය
මැයි 12 සඳුදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනය
මැයි 13 අඟහරුවාදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
ජුනි 07 සෙනසුරාදා – ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය)
ජුනි 10 අඟහරුවාදා – පොසොන් පුර පසළොස්වක පෝය දිනය
ජූලි 10 බ්‍රහස්පතින්දා – ඇසළ පුර පසළොස්වක පෝය දිනය
අගෝස්තු 08 සිකුරාදා – නිකිණි පුර පසළොස්වක පෝය දිනය
සැප්තැම්බර් 05 සිකුරාදා – (මිලා-දුන්-නබි) නබි නායකතුමාගේ උපන් දිනය
සැප්තැම්බර් 07 ඉරිදා – බිනර පුර පසළොස්වක පෝය දිනය
ඔක්තෝබර් 06 සඳුදා – වප් පුර පසළොස්වක පෝය දිනය
ඔක්තෝබර් 20 සඳුදා – දීපවාලි උත්සව දිනය
නොවැම්බර් 05 බදාදා – ඉල් පුර පසළොස්වක පෝය දිනය
දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා – උඳුවප් පුර පසළොස්වක පෝය දිනය
දෙසැම්බර් 25 බ්‍රහස්පතින්දා අඟහරුවාදා – නත්තල් උත්සව දිනය

2025 වර්ෂයට අදාළ දින දර්ශනය මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?