රජයේ විශේෂඥ දොස්තරලාගේ විශ්‍රාම වයස් සීමාව ගැන අධිකරණ නියෝගයක්

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (15) නියෝග කළා.

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරු වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක් කරමින් විශේෂඥ වෛද්‍යවරු 176 දෙනෙකු ඇතුළු වෛද්‍යවරු විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් 04 කට අදාළ තීන්දුව ලබාදෙමින් අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

ඒ අනුව රජයේ සේවකයින් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අදාළව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ “වෛද්‍යවරුන්ට” අදාළ කොටස අහෝසි කරමින් රිට් ආඥාවක් නිකුත් කරන බවත් තීන්දුවේ සඳහන් වුණා.

රජයේ සේවයේ නියුතු වෛද්‍යවරුන්ට වෛද්‍යවරුන්ට වයස අවුරුදු 63 දක්වා සේවය කිරීමට නීතිමය අපේක්ෂාවක් පවතින බවට පෙත්සම්කාර වෛද්‍යවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා, සංජීව ජයවර්ධන මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් කරුණු දක්වා තිබුනා.

එම කරුණු පිළිගනිමින් තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ රජයේ සේවයේ නියුතු වෛද්‍යවරුන්ට වයස අවුරුදු 63 දක්වා සේවය කිරීමට තිබෙන නීතිමය අපේක්ෂාව සැළකිල්ලට ගෙන මෙම තීන්දුව නිකුත් කරන බවයි

පෙත්සම්කාර වෛද්‍යවරු කියා සිටින්නේ තමන්ට වයස අවුරුදු 63 ක් දක්වා සේවය කිරීමට නීතිමය හැකියාව පවතින බවයි.

එසේ තිබිය දී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව රජයේ සේවයේ නියුතු වෛද්‍යවරු වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඒ තුළින් තමන්ට දැඩි අගතියක් සිදුවන බවත් සඳහන් කරමින් වෛද්‍යවරු සිය පෙත්සම්වලින් සඳහන් කළා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?