රජයේ ඖෂධවේදීන්ගේ 31 වනදා වෘත්තීය ක්‍රියාමාර්ගයක

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය විසින් ලබන 31 වනදා පෙරවරු 08.00 සිට එක්දින වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

අමතර සේවා දීමනා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට නියමිත බවයි වාර්තා වන්නේ.

2026 අගෝස්තු 29 වනදින මුල් කරගනිමින් සෞඛ්‍ය ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, එහිදී ඖෂධවේදීන්ගේ අධිකාල දීමනා නිල නාමය වෙනස්කර, අමතර සේවා දීමනා ලෙස සංශෝධනය කර තිබෙනවා.

ඉන් අනතුරුව කිසිදු පිළිගත හැකි හේතුවක් නොදන්වා වෛද්‍ය සේවාව විසින් සිදු කරනු ලබන බලපෑම පදනම් කරගෙන එම චක්‍රලේඛය අවලංගු කර ඇති බව පෙන්වා දෙන එම සංගමය එම ගැටලු සම්බන්ධයෙන් මෙතෙක් පිළිගත හැකි විසඳුමක් ලබාදීමට බලධාරීන් කටයුතු කර නොමැති බවයි පවසන්නේ.

ඒ, අනුව අදාළ චක්‍රලේඛය බලගන්වන ලෙස ඉල්ලා සිටින අතරම, එසේ නොකරන්නේ නම් එය බලගන්නවන ලෙස බලකරමින් මෙම එක්දින වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ග සියලුම මාතෘ හා ළමා රෝහල්, පිළිකා රෝහල් සහ මානසික සෞඛ්‍ය ආයතනවල ක්‍රියාත්මක නොවන බවත්, සෙසු සියලුම රෝහල් තුළ හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සූදානම් කර ඇති බවත් ඒ ඒ ආයතන සහ රෝහල් තුළ ප්‍රධාන ඖෂධවේදීන් අමතා ආයතන ප්‍රධානීන්ට එම සේවාවන් ලබාගත හැකි බවත් එම සංගමය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි..කවුරුවත් කලබල වෙන්න එපා - ජනපති අනුර කිව්ව අමුතු කතාව
01:33
Video thumbnail
අවුරුදු ගාණක් තම පවුල නඩත්තු කළ එළදෙනගේ අහිමිවීම කොහොම දරාගන්නද ?බලන්නකෝ ඒ ආදරය
02:45
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46