රජයේ ආයතනවල රාජකාරී මගහරින අයට රජයෙන් රතු එළියක්

රාජ්‍ය සේවයෙන් සේවයේ නියුතු සේවක  සේවිකාවන්ගෙන් සියයට 30ත් 40ත්  අතර සංඛ්‍යාවක්  සිය රාජකාරි නිසි පරිදි ඉටු නොකර බොහෝ අවස්ථාවල නිකරුණේ කාලය ගත කරන බව ( අයිස් ගැසීම ) සමීක්ෂණයකදී  පෙනී ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙලෙස  සිය රාජකාරියට දායකත්වය නොදක්වා  නිද්‍රාශීලීව කටයුතු කරන පිරිස් හඳුනා ගෙන එම  තත්වය වැළැක්වීම සඳහා   සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

ආයතන ප්‍රධානීන්ට එහිදී  විශේෂ වගකීම්  පැවරීමටද එම වගකීම් ඉටු නොකරන ප්‍රධානීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමටද මෙහිදී කටයුතු කෙරෙනු ඇත.

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සියළුම රාජ්‍ය සේවකයන් සිය රාජකාරි සඳහා සක්‍රීයව දායක කර ගැනීම වැදගත් බව අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක්  ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මේ ආකාරයට නිකරුණේ නිද්‍රාශීලී ලෙස කටයුතු කිරීම සඳහා  සමහර ආයතනවල  ව්‍යුහාත්මකවද පරිසරය සැකසී ඇති බවත් එවැනි ආයතන සම්බන්ධයෙන් ඉදිරියේදී පුළුල්ව සොයාබැලීමක් කරන බවත් එම  නිලධාරියා සඳහන් කළේය.

සේවකයන්  රාජකාරි කටයුතු සඳහා උපරිමයෙන් දායක කර ගැනීම  ආයතන ප්‍රධානියාගේ වගකීමක් විය යුතු බව  මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

කෑම බීම අනුභව කර සහෝදර සේවකයන් සමග හෝ සිය පරිගණකය හෝ ජංගම දුරකථනය  යොදාගෙන  විවිධ ක්‍රීඩාවල  නිරතවී නිකරුණේ කාලය ගත කර නිවෙස්වලට යන රාජ්‍ය  සේවකයන්  විශාල පිරිසක් බොහෝ ආයතනවල සිටින බව සොයාගෙන ඇතැයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

රටේ සමස්ත රාජ්‍ය සේවක සේවිකාවන් සංඛ්‍යාව ලක්ෂ 16කට  අධිකය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21