කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ආරම්භ කරන ලද වේරන්ස් ගඟ ව්‍යාපෘතිය සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව එම ව්‍යාපෘතියේ මූලික අදියරේ උත්සව කටයුතුවලට වියදම් කර රජයට රුපියල් ලක්ෂ 276 ක පාඩුවක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු වන සුජිත් ප්‍රියත් මුදුගල ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (17) නියෝග කළා.
සැකකාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාට රුපියල් මිලියන පහ බැගින් ශරීර ඇප 2ක් නියම කෙරුණු අතර සැකකරුගේ විදෙස් ගමන් තහනම් ද කෙරුණා.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් සැකකාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට කළා.





