රජයට දෙහි කපන සංස්ථා හා ආයතන සභාපතිවරුන් ගැන අගමැති තදින්

රජය විවේචනය කරන ආයතන හා සංස්ථා සභාපතිවරුන් පිළිබඳව ආණ්ඩුව ඉදිරියේදී දැඩි තීරණයක් ගැනීමට සැරසෙන බව වාර්තා වේ.

මේ පිළිබඳව පසුගිය දා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රධාන ලෙස සාකච්ඡාවට ලක් කර ඇති අතර ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් එහිදී පවසා ඇත්තේ, ආණ්ඩුව විවේචනය කරමින් ඇතැම් ආයතන සභාපතිවරුන් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන බව ත් එම තත්ත්වය වහාම නැවැත්වීමට පියවර ගතයුතු බවත් ය.

මෙහිදී ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායමේ සාමාජිකයන් බොහෝ දෙනෙකු තරමක් උණුසුම් ලෙස ඇතැම් ආයතන සභාපතිවරුන්ගේ ක්‍රියා කලාප පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට අදහස් දක්වා ඇති බව ද වාර්තා වේ. 

මෙම මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීමේදී මහජන උපයෝගිතා කොමිසම, ලිට්‍රෝ ගෑස් සමාගම වැනි ආයතනවල සභාපතිවරුන් ආණ්ඩුව අපහසුතාවට පත්කරමින් ආණ්ඩුව විවේචනය කරමින් මාධ්‍ය සාකච්ඡා පවත්වන ආකාරය පිළිබඳව ත් එම සභාපතිවරුන් ලක්ෂ 35ක තරම් මාසික වැටුපක් ලබමින් ආණ්ඩුවට ම දැඩිව ප්‍රති ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව ත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කරුණු දක්වා ඇත.

මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා කරුණු සොයා බලා කටයුතු කරන බව දැනුම් දී ඇත. 

එවැනි සභාපතිවරුන්ගේ ඇතැම් ක්‍රියාකලාපය වැරැදි බවට අග්‍රාමාත්‍යවරයා ද මෙහිදී පිළිගත් බව ද ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඉල්ලා ඇත්තේ ඇතැම් ආයතනවල සභාපතිවරුන් කිසිම ආකාරයකින් නොගැළපෙන ලෙස විවිධ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කරන කටයුතු වහා ම නවත්වන ලෙසයි.

ඒ අනුව, අග්‍රාමාත්‍යවරයාගේ අවධානය ඒ කෙරෙහි යොමු වූ බව ත් එවැනි මාධ්‍ය සාකච්ඡා පවත්වන සභාපතිවරුන් පිළිබඳව වහාම සොයා බලා කටයුතු කරන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇති බව ත් වාර්තා වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39