රඛිත, චරිත් සහ අරුණ තවදුරටත් රිමාන්ඩ්

රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ අරුණ වරුණහෙන්ඩිගේ යන අය ජූලි 28 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ, ඔවුන්ව අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉරිදිපත් කිරීමෙන් අනතුරුවයි.