රංගන ශිල්පිනී අයේෂා දිසානායක රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට – කාන්තාවන් දෙදෙනෙකුට බරපතළයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනී අයේෂා දිසානායක වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ රථගාලේ දී පසුගිය 20 වනදා පෙරවරුව් 11.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් වයස අවුරුදු 26 සහ 37 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

මින් එක් කාන්තාවක් කොළඹ ජාතික රෝහලේත් අනෙක් කාන්තාව ජයවර්ධනපුර මහ රෝහලේත් ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.

රංගන ශිල්පිනී අයේෂා දිසානායක පැදවූ මෝටර් රථය වෝටර්ස් එජ් හෝටලයේ රථගාලේ දී එක්වරම පසුපසට ධාවනය වී අදාළ කාන්තාවන් දෙදෙනාගේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ එම හෝටලයේ සේවය කරනු ලබන සේවිකාවන් දෙදෙනෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුරින් එක් කාන්තාවකගේ කශේරුකාවට සහ අනෙක් කාන්තාවගේ දෙපාවලට බරපතළ හානි සිදුව තිබෙනවා.

මේ අතර අනතුරින් පසු ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මෝටර් රථය පැදවූ රංගන ශිල්පිනිය ද 1990 හදසි ගිලන් රථයකින් ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එලෙස රෝහල් ගත කළ රංගන ශිල්පිනි රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 22 වනදා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු ඇයව පසුගිය 23 වනදා ගංගොඩවිල ගරු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර අනතුරට ලක්වූ ඒක්‌ කාන්තාවක් වෙනුවෙන් සානුකම්පිත දීමනාවක් වශයෙන් රුපියල් 250,000 බැඟින් ලබාදීමට රංගන ශිල්පිනිය එකඟවී ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මෙම නඩුව ලබන 29 වනදා කොළඹ අලුත්කඩේ 07 අධිකරණයේ දී යළි කැඳවීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
19
+1
36
+1
12
+1
34
+1
9
+1
58
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34