රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යෝෂිත රාජපක්ෂ මේ වනවිට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන විත් තිබෙනවා.
නීති විරෝධීව උපයාගත් බව කියන මුදල් වලින් දෙහිවල ප්‍රදේශයේ නිවසක් සහ ඉඩමක් මිලදී ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව පෙරේදා (25) දිනයේ බෙලිඅත්ත ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණා.
අනතුරුව ඔහුව එදින (25) පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර, එහිදී අද (27) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කර තිබුණේ.
ඒ, අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් යෝෂිත රාජපක්ෂ මේ වන විට අධිකරණයට රැගෙන විත් තිබෙනවා.













