AFC Banner
Empty Ad
Empty Ad

යේමනයේ හූති ඉලක්ක වෙත ඊශ්‍රායල ජෙට් ප්‍රහාරයක්

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා සෙනසුරාදා යේමනයේ හොඩෙයිඩා වරාය අසල හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ අතර අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 87 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඉරාන පිටුබලය ලබන කණ්ඩායම විසින් දියත් කරන ලද ඩ්‍රෝන යානයක් ඊශ්‍රායල ආර්ථික කේන්ද්‍රස්ථානයක්වන ටෙල් අවිව් වෙත පහර දීමෙන් දිනකට පසුව මෙම ප්‍රහාරය එල්ල කෙරුණා.

යේමනයේ හවුති ව්‍යාපාරය විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රධාන රූපවාහිනී ප්‍රවෘත්ති ආයතනය වන අල්-මසිරා ටීවී වාර්තා කළේ, ඛනිජතෙල් ගබඩා සහ බලාගාරයක් ඉලක්ක කරගත් ගුවන් ප්‍රහාරවලින් තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙක් දරුණු පිළිස්සුම්වලට ලක්වූ බවයි.

දැඩි බෝම්බ හෙළීමක් අතරතුර නගරය පුරා පිපිරුම් හඬක් ඇසුණු බව හොඩෙයිඩා වැසියන් රොයිටර්ස් වෙත පවසා තිබෙනවා.

ඊශ්‍රායල හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේ මෙම වරාය ඉරානයෙන් ආයුධ නැව්ගත කිරීම සඳහා හූතිවරුන් විසින් භාවිතා කර ඇති බවයි.

ප්‍රහාරයට පෙර ඊශ්‍රායලය මිත්‍ර පාක්ෂිකයින්ට ඒ පිළිබඳ දැනුම් දී ඇති අතර, ප්‍රහාරය එල්ල කළ ඊශ්‍රායල F-15 ප්‍රහාරක යානා සියල්ල ආරක්ෂිතව ආපසු පැමිණි බව ද හමුදාව ප්‍රකාශ කළා.

හවුතිවරුන්ගේ උත්තරීතර දේශපාලන කවුන්සිලය කියා සිටියේ “ඊශ්‍රායල සතුරාගේ වැදගත් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන” බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?