යේමනයේ හූති ඉලක්ක වෙත ඊශ්‍රායල ජෙට් ප්‍රහාරයක්

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා සෙනසුරාදා යේමනයේ හොඩෙයිඩා වරාය අසල හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ අතර අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 87 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඉරාන පිටුබලය ලබන කණ්ඩායම විසින් දියත් කරන ලද ඩ්‍රෝන යානයක් ඊශ්‍රායල ආර්ථික කේන්ද්‍රස්ථානයක්වන ටෙල් අවිව් වෙත පහර දීමෙන් දිනකට පසුව මෙම ප්‍රහාරය එල්ල කෙරුණා.

යේමනයේ හවුති ව්‍යාපාරය විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රධාන රූපවාහිනී ප්‍රවෘත්ති ආයතනය වන අල්-මසිරා ටීවී වාර්තා කළේ, ඛනිජතෙල් ගබඩා සහ බලාගාරයක් ඉලක්ක කරගත් ගුවන් ප්‍රහාරවලින් තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙක් දරුණු පිළිස්සුම්වලට ලක්වූ බවයි.

දැඩි බෝම්බ හෙළීමක් අතරතුර නගරය පුරා පිපිරුම් හඬක් ඇසුණු බව හොඩෙයිඩා වැසියන් රොයිටර්ස් වෙත පවසා තිබෙනවා.

ඊශ්‍රායල හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේ මෙම වරාය ඉරානයෙන් ආයුධ නැව්ගත කිරීම සඳහා හූතිවරුන් විසින් භාවිතා කර ඇති බවයි.

ප්‍රහාරයට පෙර ඊශ්‍රායලය මිත්‍ර පාක්ෂිකයින්ට ඒ පිළිබඳ දැනුම් දී ඇති අතර, ප්‍රහාරය එල්ල කළ ඊශ්‍රායල F-15 ප්‍රහාරක යානා සියල්ල ආරක්ෂිතව ආපසු පැමිණි බව ද හමුදාව ප්‍රකාශ කළා.

හවුතිවරුන්ගේ උත්තරීතර දේශපාලන කවුන්සිලය කියා සිටියේ “ඊශ්‍රායල සතුරාගේ වැදගත් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන” බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51