spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුරෝපා සංගමයෙන් යළිත් පොරොන්දුවක්

මෙරට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් සාර්ථකව ගොඩ ඒමට තම සහාය හිමිවන බව යුරෝපා සංගමය යළි සඳහන් කරනවා.

පසුගිය දා පැවති නීතියේ ආධිපත්‍ය සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ 06 වන රැස්වීමේදී යුරෝපා සංගමය මේ බව සඳහන් කළා.

තිරසාර සංවර්ධනය සහ සමෘද්ධිය කරා ශ්‍රී ලංකාව රැගෙන යමාට අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදීත් සමාජ ආරක්ෂණ පියවර ක්‍රියාත්මක කිරීමේදීත් සහාය හිමිවන බවයි එම සංගමය අවධාරණය කර ඇත්තේ.

GSP ප්ලස් සහනයේ අධීක්ෂණ ක්‍රියාවලිය සහ එහි අවශ්‍යතා පිළිබඳව ක්‍රියාකාරී කණ්ඩායම යාවත්කාලීන කර ඇති අතර, GSP ප්ලස් සහනය පිළිබඳ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව යුරෝපා සංගමය ශ්‍රී ලංකාව දිරිමත් කර තිබෙනවා.

එමෙන්ම මෙම රැස්වීමේදී ශ්‍රී ලංකාවේ මෑත කාලීන වර්ධනයන් සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳව ද සාකච්ඡා කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?