වසර කිහිපයකට පෙර වැඩ තහනමට ලක්වු යුධ හමුදා කොප්රල්වරයෙකු පුර්ණ නිල ඇදුමින් සැරසි යතුරු පැදියකින් යමින් සිටියදි පෙරේදා(09)දින පස්වරුවේදි කැකිරාව නගරයේදි සැකපිට අත්අඩංගුවට ගත්බව කැකිරාව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ විරගොල්ල,මීගලෑවේ පදිංචි 46 හැවිරිදි යුධ හමුදා කොප්රල්වරයෙකි.
අත්අඩංගුවට ගනු ලැබු මෙම කොප්රල්වරයා 2018 වසරේදි කින්නියාව ප්රදේශයේ සේවයේ නිරත වෙමින් සිටි අවධියේ වැඩ තහනමට ලක්වු අයෙකු බව පොලිසිය පැවසීය.
මොහු වැඩ තහනමට ලක්ව සිටියදි මෙසේ පුර්ණ නිල ඇදුමින් සැරසි යතුරු පැදියකින් ගමන් කිරිමට හේතුව මෙතෙක් අනාවරණයවි නොමැත.
සැකකාර කොප්රල්වරයා ඊයේ(10)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක ප්රසාද් වැලිකල මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.













