යුද හමුදා නිලධාරීන්ට පනවා ඇති සංචාරක තහනමට එරෙහි වීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ

මෙරට හමුදා නිලධාරීන්ට පනවා ඇති ජාත්‍යන්තර සංචාරක තහනම හමුදා සාමාජිකයින්ගේ චිත්ත ධෛර්යයට බලපාන බැවින් එයට එරෙහිව පෙනී සිටීමේ අවශ්‍යතාවය සහ මෙම ගැටලුව විසඳීමට විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වීමේ අවශ්‍යතාව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පෙන්වා දී තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

ඊට ප්‍රතිචාර දක්වමින් විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරිය ප්‍රකාශ කළේ තානාපතිවරුන් හරහා සහ ඉහළ මට්ටමේ රාජතාන්ත්‍රික සාකච්ඡා පැවැත්වූ සෑම අවස්ථාවකදීම විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය එම රටවල අදාළ රජයන්ට දැඩි ලෙස දැනුම් දුන් බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ද අදාළ රජයන්ගෙන් ඉල්ලා ඇති බව ද නිලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා.

මෙරට හමුදා සාමාජිකයින්ට පනවා ඇති සංචාරක තහනමට එරෙහිව පෙනී සිටිම සඳහා අවශ්‍ය අදාළ සියලු කරුණු ඒකරාශී කර ඒවා අදාළ තානාපතිවරුන් වෙත ලබා දෙන ලෙසටයි කමිටුව විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරියට උපදෙස් ලබා දුන්නේ.

එමෙන්ම දරුස්මාන් සහ OICL වාර්තා ද්විත්වයෙන්ම තහවුරු වන පරිදි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නොවන හමුදා ගැටුමක් පැවති රටක් බැවින් එසේ හමුදා නිලධාරීන්ට සංචාරක තහනමක් පැනවීම ජිනීවා සම්මුතියටද පටහැනි බවත් ප්‍රකාශ කළ සභාපතිවරයා ඉල්ලා සිටියේ මේ පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලෙසයි.

ශ්‍රී ලංකාව දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කර ඇති බවට කැනේඩියානු පාර්ලිමේන්තුව යෝජනාවක් ඉදිරිපත් කර ඒකමතිකව අනුමත කර ඇති බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළා.

ඊට විරෝධය පළ කිරීම සඳහා ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සහ එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වගකිව යුතු නොවන බවට විදේශ අමාත්‍යාංශය විසින් වෙනත් රටවලට දැනුම් දුන් ආකාරය පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලෙසටයි කමිටුව විදේශ කටයුතු ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේ.

එමෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදා භට පිරිස් නියමිත පරිදි ප්‍රමාණගත කිරීම සහ ඇතැම් ග්‍රාමීය පුදබිම්වලින් හමුදා කඳවුරු ඉවත් කර ගැනීම සහ එය ජාතික ආරක්ෂාවට ඇති කරන බලපෑම පිළිබඳව ද කමිටුව මෙහිදී විමසීමක් කළා.

යුධ හමුදා භට පිරිස් නියමිත ප්‍රමාණගත කිරීම භට පිරිස් අඩු කිරීමක් නොවන බවත් හමුදාව ඉවත් කිරීම මගින් ජාතික ආරක්ෂාවට, කලාපීය ආරක්ෂාවට සහ පූජනීය ස්ථානවල ආරක්ෂාවට බලපෑමක් ඇති නොකරන ‍බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

තවද, මෙරට වාර්ගික කණ්ඩායම් අතර සහජීවනය ඇති කිරීම පිළිබඳව ද කමිටුව සිය අවධානය යොමු කළ අතර, අන්තවාදය පරාජය කිරීම සදහා කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53