යුද හමුදා නිලධාරීන්ට පනවා ඇති සංචාරක තහනමට එරෙහි වීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ

මෙරට හමුදා නිලධාරීන්ට පනවා ඇති ජාත්‍යන්තර සංචාරක තහනම හමුදා සාමාජිකයින්ගේ චිත්ත ධෛර්යයට බලපාන බැවින් එයට එරෙහිව පෙනී සිටීමේ අවශ්‍යතාවය සහ මෙම ගැටලුව විසඳීමට විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වීමේ අවශ්‍යතාව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පෙන්වා දී තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

ඊට ප්‍රතිචාර දක්වමින් විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරිය ප්‍රකාශ කළේ තානාපතිවරුන් හරහා සහ ඉහළ මට්ටමේ රාජතාන්ත්‍රික සාකච්ඡා පැවැත්වූ සෑම අවස්ථාවකදීම විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය එම රටවල අදාළ රජයන්ට දැඩි ලෙස දැනුම් දුන් බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ද අදාළ රජයන්ගෙන් ඉල්ලා ඇති බව ද නිලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා.

මෙරට හමුදා සාමාජිකයින්ට පනවා ඇති සංචාරක තහනමට එරෙහිව පෙනී සිටිම සඳහා අවශ්‍ය අදාළ සියලු කරුණු ඒකරාශී කර ඒවා අදාළ තානාපතිවරුන් වෙත ලබා දෙන ලෙසටයි කමිටුව විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරියට උපදෙස් ලබා දුන්නේ.

එමෙන්ම දරුස්මාන් සහ OICL වාර්තා ද්විත්වයෙන්ම තහවුරු වන පරිදි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නොවන හමුදා ගැටුමක් පැවති රටක් බැවින් එසේ හමුදා නිලධාරීන්ට සංචාරක තහනමක් පැනවීම ජිනීවා සම්මුතියටද පටහැනි බවත් ප්‍රකාශ කළ සභාපතිවරයා ඉල්ලා සිටියේ මේ පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලෙසයි.

ශ්‍රී ලංකාව දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කර ඇති බවට කැනේඩියානු පාර්ලිමේන්තුව යෝජනාවක් ඉදිරිපත් කර ඒකමතිකව අනුමත කර ඇති බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළා.

ඊට විරෝධය පළ කිරීම සඳහා ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සහ එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වගකිව යුතු නොවන බවට විදේශ අමාත්‍යාංශය විසින් වෙනත් රටවලට දැනුම් දුන් ආකාරය පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලෙසටයි කමිටුව විදේශ කටයුතු ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේ.

එමෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදා භට පිරිස් නියමිත පරිදි ප්‍රමාණගත කිරීම සහ ඇතැම් ග්‍රාමීය පුදබිම්වලින් හමුදා කඳවුරු ඉවත් කර ගැනීම සහ එය ජාතික ආරක්ෂාවට ඇති කරන බලපෑම පිළිබඳව ද කමිටුව මෙහිදී විමසීමක් කළා.

යුධ හමුදා භට පිරිස් නියමිත ප්‍රමාණගත කිරීම භට පිරිස් අඩු කිරීමක් නොවන බවත් හමුදාව ඉවත් කිරීම මගින් ජාතික ආරක්ෂාවට, කලාපීය ආරක්ෂාවට සහ පූජනීය ස්ථානවල ආරක්ෂාවට බලපෑමක් ඇති නොකරන ‍බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

තවද, මෙරට වාර්ගික කණ්ඩායම් අතර සහජීවනය ඇති කිරීම පිළිබඳව ද කමිටුව සිය අවධානය යොමු කළ අතර, අන්තවාදය පරාජය කිරීම සදහා කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?