යුද හමුදා කඳවුරක් ඉවත් නොකරන්නැයි ඉල්ලා යාපනේ වැසියන් විරෝධතාවක

යාපනය, පේදුරුතුඩුව කට්කෝලම් ප්‍රදේශයේ ඉදිකොට ඇති යුද හමුදා කඳවුර කුමන හෝ හේතුවක් නිසා ඉවත් නොකරන ලෙසට බලකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද (14) එම කඳවුර ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

කට්කෝලම්හි පිහිටි හතරවන සිංහ රෙජිමේන්තුවට අයත් මෙම කඳවුර ඉදිරියේදී ඉවත් කිරීමට නියමිතව ඇති අතර එයට විරෝධය පලකරමින් ප්‍රදේශවාසීහු විශාල පිරිසක් විසින් කඳවුර ඉවත් කිරීමට ගෙන ඇති තීරණය වෙනස් කොට කඳුවරේ දෛනික කටයුතු සිදුකරන ලෙසට යුදහමුදා බලධාරීන්ගෙන් ඉල්ලා සිට තිබේ.

දුෂ්කර ප්‍රදේශයක පවතින මෙම හමුදා කඳවුර හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට විශාල සේවයක් සිදුවන බවත් වැලි ජාවාරම් හා විවිද වූ නීති විරෝධී ක්‍රියා වැලැක්වීම සඳහා කඳවුරෙන් විශාල සහයෝගයක් ලැබෙන බව විරෝධකාතරුවෝ පවසා සිටී.

විවිද දේශපාලඥයින්ගේ සහ ජාවාරම්කරුවන්ගේ පෙළඹවීම මත මෙම කඳවුර ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවට තමන්ට දැණගන්නට ලැබී ඇති බවත් මෙම කඳවුර ඉවත් නොකරන ලෙස ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවත් ඔවුහු පැවැසූහ.

යම් හෙයකින් මෙම කඳවුර ඉවත්කරන්නේ නම් ප්‍රදේශයේ දුරාචාරය , මත්ද්‍රව්‍ය ජාවාරම්, ඇතුලු සමාජ විරෝධි ක්‍රියාවන් රැසක් නැවත හිස ඔසවන බවටත් එහෙයින් වහාම අදාල කඳවුර එම ස්ථානයේ පවතින ආකාරයටම පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසට විරෝධතා කරුවන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

  1. JATHI WADHEE KOTI HEWANALI DESHAPALANAYA THAMAYI MEWA AYIN KARANNA KIYALA MORA DENNE. AWA GROUP KEEYAK INNAWA DHA, THAWA EWUN GODAK INNAWA, UN PALANAYA WELA THIYNNE ME CAMP NISA. MEWA AYIN KALAMA AYE NEETHIYAK NATHIWA YANAWA. LOKKA KOHOMATH OWA OKKOMA AYIN KARANAWA 2024 CHANDAYA GANNA ONA NISA. AYE RAKINNA KIYALA KENEK INNWA KIYALA DHA. MEHE OKKOMA DEELA DANAWA. EHE OKKOMATH DEELA DANAWA. MEHEMA DEELA DANNA NAM MUN MOKATQADHA.