යුද හමුදාපතිවරයා හදිසියේ ඉන්දියාවට ගිය හේතුව

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (10) අලුයම ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කර සිටිනවා.

යුද හමුදාපතිවරයා නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් ඇත්තේ ගුවන් අනතුරකින් මියගිය ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවත් මහතාගේ දේහයට අවසන් ගෞරව පුද කිරීම සඳහායි.

බිපින් රාවත් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ හමුදා ගෞරව සහිතව සිදුකිරීමට නියමිතයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවත් මහතා ඇතුළු පිරිස ගමන් ගත් හෙළිකොප්ටර් යානය පසුගිය 8 වනදා තමිල්නාඩුවේදී අනතුරට ලක්වීමෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා, ඔහුගේ බිරිඳ ඇතුළු 12 දෙනෙකු ජිවිතක්ෂයට පත්විය.

අනතුරින් දිවි බේරා ගැනීමට හැකි වූයේ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමු ගෲප් කපිතාන් වරුන් සිං ට පමණක් වන අතර ඔහු මේ වන විට දැඩි පිළිස්සුම් තුවාල සහිතව බරපතල තත්ත්වයේ රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

යානයේ කළු පෙට්ටිය ද මේ වනවිට සොයා ගෙන ඇති අතර අනතුරට හේතුව මෙතෙක් හෙළිවී නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වොෂින් මැෂින් එළියට ගන්න ඕනි කියලා රජය ආවේ..සර්වජන බල කතුන් සැර වෙයි
03:13
Video thumbnail
සුපිරි 8ට සූදානම් වෙන අපේ සිංහයෝ - ගැම්මක් අල්ලමු කොල්ලනේ
02:07
Video thumbnail
"රීලෝඩ් වෙලා තොපිට ග#න්නේ හෙ#..ගො# හ#ක්" ගෑස් අර්බුදය නිසා කුපිත වුණ අසේල
06:19
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52


?