AFC Banner
Empty Ad
Empty Ad

යුද හමුදාපතිවරයා හදිසියේ ඉන්දියාවට ගිය හේතුව

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (10) අලුයම ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කර සිටිනවා.

යුද හමුදාපතිවරයා නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් ඇත්තේ ගුවන් අනතුරකින් මියගිය ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවත් මහතාගේ දේහයට අවසන් ගෞරව පුද කිරීම සඳහායි.

බිපින් රාවත් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ හමුදා ගෞරව සහිතව සිදුකිරීමට නියමිතයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවත් මහතා ඇතුළු පිරිස ගමන් ගත් හෙළිකොප්ටර් යානය පසුගිය 8 වනදා තමිල්නාඩුවේදී අනතුරට ලක්වීමෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා, ඔහුගේ බිරිඳ ඇතුළු 12 දෙනෙකු ජිවිතක්ෂයට පත්විය.

අනතුරින් දිවි බේරා ගැනීමට හැකි වූයේ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමු ගෲප් කපිතාන් වරුන් සිං ට පමණක් වන අතර ඔහු මේ වන විට දැඩි පිළිස්සුම් තුවාල සහිතව බරපතල තත්ත්වයේ රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

යානයේ කළු පෙට්ටිය ද මේ වනවිට සොයා ගෙන ඇති අතර අනතුරට හේතුව මෙතෙක් හෙළිවී නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?