යුද විජයග්‍රහණයට අදට වසර 12යි

රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරදවා රටට සැබෑ නිදහස උදා කළ රණවිරු විජයග්‍රහණයට අදට වසර 12ක් සපිරෙනවා.

2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එම සංවිධානයේ නායකයින් මිය යාමත් සමඟ වසර 30ක සිට මෙරට වෙලාගෙන තිබූ ත්‍රස්තවාදයට මානුෂීය මෙහෙයුමකින් පසු තිත තබන්නට මෙරට රණවිරුවන්ට හැකියාව ලැබුණා.

මේ අතර යුද ජයග්‍රහණයේ 12 වන සැමරුම් උත්සවය බත්තරමුල්ල – ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියස දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වීමට නියමිතයි.

මෙවරත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අඩු පිරිසකගේ සහභාගීත්වයෙන් එය පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි රණවිරු සේවා අධිකාරිය සඳහන් කළේ.  

2009 වසරේ මැයි මසයේදී අවසන් වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහි සටනේදී යුද හමුදාවේ 23,962 දෙනෙකු, නාවික හමුදාවේ 1160 දෙනෙකු, ගුවන් හමුදාවේ 443 දෙනෙකු සහ පොලීසියේ 2598 දෙනෙකු මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 456 දෙනෙකු දිවි පිදුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරගැනීම නීති විරෝධියි
03:38
Video thumbnail
රැකියා ඉල්ලා උපාධිධාරීන් ඉසුරුපාය වටලයි
03:59
Video thumbnail
තමන් ගැන නලින්ද කියපු කතාවට ගම්මන්පිල රිදෙන්නම දෙයි
04:10
Video thumbnail
ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඒකාබද්ධ විපක්ෂය රැස්වෙයි
03:42
Video thumbnail
පොලු උස්සගෙන මිනිස්සුන්ට ග#හන්න යන රෝහලේ සිකුරිටි
01:06
Video thumbnail
තරහ රාශියෙන් හෙමිහිට යාළු රාශියට පැමිණෙන අලි -ටෙලිෆොන් මංගල්ලේ මේන් බලල්ලා
39:24
Video thumbnail
වැඩ තහනම් වූ පාර්ලිමේන්තුවේ නි.මහලේකම්ගෙන් පැමිණිල්ලක්
02:45
Video thumbnail
ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
12:19
Video thumbnail
පාසල් සංවර්ධන නිලධාරීන් දැවැන්ත උද්ඝෝෂණයක
04:47
Video thumbnail
ත්‍රිකුණාමල බුදු පිළිම සිද්ධිය නිසා බන්ධනාගාර ඉදිරිපිට උණුසුම් වෙයි
01:56


?