ආපදාවෙන් විපතට පත් සිසුන්ට සුරක්ෂා සිසු රක්ෂණාවරණය යටතේ සහන සැලසීම ගැන දැනුම්දීමක්

2025.11.26 දින සිට රට තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ පාසල් සිසුන් සඳහා සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහනට යටතේ ප්‍රතිලාභ ලබාගැනීමේ දී පහත පරිදි සහන සැපයීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ආයතනය විසින් එකඟතාව පළ කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ අනුව ස්වාභාවික ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් සිසුන් වෙතින් 2025.11.26 දින සිට 2025.12.31 දින දක්වා සිදු වූ සිද්ධීන් වෙනුවෙන් ඉදිරිපත් වන හිමිකම් අයදුම්පත් පිළිබඳව පමණක් මෙහිදී සලකා බලනු බවයි සඳහන් කරන්නේ.

i. දෙමාපියන් / නීත්‍යනුකූල භාරකරුවන් අහිමි වූ සිසුන් සඳහා, ආදායම් සීමාවක් නොසලකමින් ප්‍රතිලාභ ගෙවීම් සිදු කිරීම (ආපදා තත්ත්වය මත දෙමාපියන් අහිමි වූ බව තහවුරු කිරීමේ ලේඛනවලට යටත්ව).

ii. ගිවිසුමෙහි සඳහන් නොවන නමුත්, ඉහත ආපදා තත්ත්වය මත සිදුවූ අනතුරු හේතුවෙන් සෘජු ව ම සිදු කරන ලද ප්‍රතිකාර, ඖෂධ මිලදී ගැනීම් සහ පරීක්ෂණ ගාස්තු සඳහා බාහිර ප්‍රතිකාර ප්‍රතිලාභ රු. 20,000.00 යටතේ ප්‍රතිලාභ ලබා දීම.

iii.‍ 2025.11.01 දින සිට 2025.11.26 දින තෙක් සිදුවූ සිදුවීම් සඳහා ප්‍රතිලාභ ලබා ගැනීමට, ඉදිරිපත් කිරීමට පැවති හිමිකම් ලිපි ලේඛන ආපදා තත්ත්වය මත විනාශ වී ඇත්නම්, ඒ බව විදුහල්පති හා ග්‍රාම සේවක නිර්දේශයට යටත්ව ප්‍රතිලාභ ලබා දීම.
• පෞද්ගලික රෝහල් මඟින් ලබා ගත් ප්‍රතිකාරවලට අදාළව නිකුත් කරන ලද බිල්පත් විනාශ වී ඇත්නම්, ඒ සඳහා එම ආයතනය මඟින් ලබා දෙන සහතික කරන ලද බිල්පත් ඉදිරිපත් කළ යුතු වේ.
• රජයේ රෝහල් මඟින් නිකුත් කරන ලද රෝග නිශ්චය තුණ්ඩු විනාශ වී ඇත්නම්, ඒ සඳහා රජයේ රෝහල මඟින් නිකුත් කරන ලද රෝගියාගේ තොරතුරු ඇතුළත් වෛද්‍ය නිර්දේශය සඳහන් ලිපියක් ඉදිරිපත් කළ යුතු වේ (රෝගියාගේ නම, වයස, රෝහලට ඇතුළත් වීමේ හා පිටවීමේ දින, රෝග තත්ත්වය).

iv. ආපදා තත්ත්වයට සෘජු ව ම ලක්වීම හේතුවෙන්, 2025.11.01 – 2025.12.31 දින දක්වා ඉදිරිපත් කිරීමට ප්‍රමාද වූ අයදුම්පත් සහ අඩුපාඩු ලිපි ලේඛන ඉදිරිපත් කිරීම සඳහා පමණක් දැනට පවතින දින 90ක කාල සීමාවට අමතරව තවත් දින 60ක, එනම් දින 150ක කාල සීමාවක් ලබාදීම.

එමෙන්ම, හිමිකම සමඟ ඉදිරිපත් කරන ලිපි ලේඛන මත ආපදා තත්ත්වය හේතුවෙන් ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට ප්‍රමාද වූ බව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ආයතනයේ නිලධාරීන් හට තහවුරු කර ගැනීමට අපහසු අවස්ථාවන්හි දී පාසලේ විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී මඟින් තහවුරු කිරීමේ ලිපියක් එම ආයතනය විසින් කැඳවිය හැකියි බව ද දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15