AFC Banner
AFC Banner
Empty Ad

යුක්‍රෙන රුසියා ගැටුමට ශ්‍රී ලංකාව ගත් පියවර

යුක්‍රේනයේ මෑතකාලීනව සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළයාම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්වී සිටින බව විදේශ අමාත්‍යංශය නිවේදනය කරයි.

“කලාපයේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය පවත්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් යුතුව ක්‍රියා කරන ලෙසත්, එදිරිවාදිකම් වහා නැවැත්වීම සඳහා කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකාව අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී,” යනුවෙන් එම නිවේදනයේ දැක්වෙයි.

රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් සහ අවංක සංවාදය තුළින් මෙම අර්බුදය විසඳාගැනීම පිණිස අදාළ සියලු පාර්ශ්වවල සාමූහික උත්සාහයක අවශ්‍යතාව පිළිබඳව ශ්‍රී ලංකාව අවධාරණය කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?