යාපනය සරසවියේ වහලය මත ටී 56ක් සහ මෙරට නිෂ්පාදිත බෝම්බ තුනක් ඇතුළු අවි ආයුධ තොගයක්

කෝපායි පොලිස් වසමේ පිහිටි යාපනය විශ්ව විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ලෙහි වහලය පිළිසකර කිරීමේ කටයුතු සිදුකිරීමේ දී එහි තිබී ගිනි අවියක් හා එම උපකරණ ඊයේ (31) දින හමුවී ඇති බව කෝපායි පොලිසිය පවසනවා.

එම වහලය මත තිබී ටී56 වර්ගයේ ගිනි අවියක්, එම පතරොම් ගැම් 02 ක්, ටී56 පතරොම් 175ක්, මෙරට නිෂ්පාදිත බෝම්බ 03 ක් හා කල් ඉකුත් වූ සේලයින් බෝතල් 05 ක් ඇතුළු ප්‍රථමාධාර උපාංග පොලිසිය වෙත හමුව තිබෙනවා.

ලැබුණු පැමිණිල්ලකට අන් උව සිදුකළ පරීක්ෂාවකදී මෙම උපකරණ සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධව කෝපායි පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?