AFC Banner
AFC Banner
Empty Ad

යාපනය පොලිසියෙන් කොරෝනා පොකුරක් – පොලිස් නිලධාරීන් 20කට කොරෝනා

යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් කොරෝනා පොකුරක අවදානමක් පවතින බවට උතුරුපලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ඒ.කේදීස්වරන් මහතා පවසා සිටියේය.

අප්‍රේල් මාසයේ පසුගිය 12 වනදා සිට 20 වනදා දක්වා යාපනය පොලිසියේ සේවයේ නිරත නිලධාරීන් 09 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්ථා වීමත් සමග යාපනය පොලිසියේ අදාල නිලධාරීන් සමීප ආශ්‍රිතයින් පී.සී.ආර්. පරික්ෂණයට යොමු කරන ලදි.

මේ අනුව අදාල පී.සී.ආර්. පරික්ෂණ වාර්ථා ඊයේ (21) රාත්‍රියේ ලැබී තිබූ අතර එහිදී තවත් පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

යාපනය පොලීසියේ පවතින වාතාවරනය අනුව වෛරසය ආසාදිත පොලිස් නිලධාරීන් සමීපව ඇසුරු කරන ලද සෙසු පොලිස් නිලධාරීන්ද මේ වන විට නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට පියවර ගෙන ඇතැයි යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?